Posts

Showing posts from 2019
Image
කාල නදී ගලා බසී - නෝබට් අයගමගේ... 2014 රාජ්‍ය සාහිත්‍ය සම්මානිත නවකතාව සුදු අධිරාජ්යවාදීන්ගේ රබර් වැවිල්ලෙන් ඇරඹෙන කතාව සාදිරිස් නම් කොලු ගැටයකු වටා ගෙතී අපූරැවට දිව යයි....මව් අහිමි පිය සෙනෙහසින් දුරස්වූ සාදිරිස් තම පුංචි අම්මාගෙන්ද සහනයක් නොලැබීය...මව්ගේ මරණින් පසු තම පියා හා දීඝ කෑ මව්ගේ නැඟෙනිය වූ පුංචි අම්මාට වහ වැටුණු ගමේ චණ්ඩියාවූ ගවරාගෙන්ද සාදිරිස්ට නිවනක් නොවීය...ඔහුට තිබි එකම සැනසුම වූයේ තමන්ට වඩා වසර කිහිපයකින් වැඩිමහලු මැගිලින් අක්කාගේ සෙනහස, ආදරය පමණි...දිනෙක සාදිරිස්ගේ ඉවසීමේ සීමාව අවසන් විය....ගවරාට ජීවිත කාලයටම පාඩමක් උගන්වා ගමෙන් පැන ගිය ඔහු නතර වූයේ තන්ඩලේගේ පාරැවේය..එතැන් පටන් දිවෙන සාදිරිස්ගේ අන්දරය ත්රාසය,භීතිය,කුතුහලය හා ප්‍රේමයෙන් සන්නද්ධව දිගටම ගලා යන්නේ කළු ගඟටත් වඩා වේගයෙනි...විටෙක චණ්ඩ වී ඉවුරැ පොඩි කරමින් ගලා ගිය එය තවත් වරෙක ඉවුරටත් නොදැනී ගලා බසිනා පුංචි දිය පාරක් වුණි... පරම්පරා ගණනක් පුරා පැවත එන වෛරයක් සමඟම වස්තුවකට ඇති තණ්හාව නිසා නැතිවන මිනිස් ජීවිත වලින් අපට ගෙන එන පාඩම තණ්හාවේ ආදිනව කියාපාන කැඩපතක් පරිද්දෙන් මුළු කතාව පුරාම දිස්නේ දෙයි.... ...

Beauty of the Sabaragamuwa University of Sri Lanka

ෆැන්ටසි හීන

Image
මං මේක කියන්නේ ඔයාට .., තිස්සෙම හිතට දැනෙන ඒත් මග හරින හැඟීමක් තියෙනවා ... මිරිඟුවකට ලොබ බඳින හිත හති වැටේවි කියන බය...ඒ ලොබකමින් දිය පොදක් වත් නොබී මිරිඟුව පස්සෙම දුවනවා...ෆැන්ටසිය දිගේ ඔහේ ඉවක් බවක් නැතිව හීන හොයනවා...බැඳෙනවා...විඳිනවා....නැලැවෙනවා... එක මොහොතක දඩාස් ගාලා ඒ ෆැන්ටසියෙන් විසිවෙනවා..... ඒ ආඩම්බරකම ,අහංකාරකම දිහා බලං හිත හූල්ලනවා.....ෆැන්ටසි හීන නැතුව හුස්ම ගන්න බැරි හිත රියැලිටිය අස්සෙ පණ අදිනවා.....ඇස් පියාගෙන අමාරුවෙන් හුස්ම ගන්නවා... අමුතු පෙම ආයිම ජීවිතය දෙනවා.. කියව ගන්න බැරි නොතේරෙන හිතක ප්‍රේමය මියැදෙන හිතට හුස්ම පිඹිනවා...හීන ආයෙම පැලවෙනවා...මං හිමිහිට ඒ හිත මත්තේ වැතිරෙනවා...ඇස් නොහැරම මං ආයේ හුස්ම ගන්නවා...ෆැන්ටසිය ඇතුලේ මං හිරවෙනවා.....,ආයිමත් එළියට විසි වෙනකම්..., මිරිඟුවට මං පෙම් කරනවා..🌼🌼🌼 -වන්දනා-

නුඹය හිත මත දඟකර ආදරය මන බැන්ඳූ.

Image
Pencil drawing - vandana 

මේ නගරය අලුත් වෙලා- ගී මිහිර

Image
මේ නගරය අලුත් වෙලා වැව් දිය ‍රැළි ගිලන් වෙලා... අත් අල්ලන් ඔහේ ඇවිද ගිය ප‍ටු මාවත් පුළුල් වෙලා... එදා අප දු‍ටු පෙම්වතුන් වෙලා අද හොඳ පිංවතුන්... අකුරු පොත් පත් පිරුනු අත් වල එල්ලිලා අද පොඩි පුතුන්... පෙම් කරපු තැන් පුරුදු වසා සුවිසල් මැදුරු... පෙම්වතුන් අද සිර වෙලා පාළු කුටිවල අඳුරු... ගේය පද රචනය සහ ගීතයේ ස්වර රචනය මාධව හේවාවසම්ගෙනි....ගායනය ටී.එම්.ජයරත්නයන්ගේ ලයාන්විත හඬිනි.... බොහෝ ප්‍රේම වෘතාන්තයන් හි , විශේෂයෙන් පාසල් ප්‍රේමයක මිහිර අතපත ගෑ ප්‍රේමවන්තයින්ට සුවිශේෂි මතක සටහන් ඉතිරි වේ....පාසල් ප්‍රේමය වූ කලී වැඩිහිටි වියේදි සිහි වන විට දෙතොලතර මදහසක් නැගෙන තරමට බොළඳය..එමෙන්ම නැවුම් ය....ජීවයෙන් පිරිපුන්‍ ය...ඇයගෙ හෝ ඔහුගෙ ප්‍රථම අතැඟිලි ස්පර්ශය පවා සිත තුළ තදින්ම තැන්පත් වී පවතී...ඒ මතකයන් හා බැඳුණු මං මාවත් , බස් නැවතුම්පොළ , ගහ කොල , ගොඩනැගිලි , නගරය , හිඳ වුන් බංකුව පවා ඒ අතීත ස්මරණයන්හි ජීවමාන සාක්ෂින් ය.... ප්‍රේමය ජය ගත්තෝ ඔවුනොවුන් අත ගෙන යලි ඒ මං මාවත් වල ඇවිද යන්නේ පෙර මතක අතර සැනහෙමිනි....ප්‍රේමයෙන් පරාජිත වූවෝ ඒ මතක හා බැඳුණු භෞතික පරිසරය කෙරේ බැඳෙන්නෙ...

Pencil Drawing_Vandana

Image
My Drawing_Pencil_Vandana 

ඇති කල අගේ නැති..නැති කල අගේ වැඩි ..ආදරය..❤

Image

ගී මිහිර-ආදර මල් වල

Image
ආදර මල් වල පාට කියන්නද ඒ වගෙ ලස්සන තව නෑ ඒ වගෙ ලස්සන තව නෑ මීදුම් පිණි පොද දෑස වසන් කළ සමනල් සිහිනය පිපුනා සමනල් සිහිනය පිපුනා දේදුණු රේඛා දෑසම තවරා තවමත් මල් සිත බලා සිටිනවා මීදුම තවරා සුළඟට ඈතක සගවා තුන් සිත දෑස හොරෙන් ඈත සොයනව අඳුර මැදින් එන්න සදලියේ දේදුණු සායම දෑසම බොද කර මාලති යායක හැලිලා මාලති යායක හැලිලා සීතල හිම කඳු යායක පියමැන දෙව්ලිය සිහිනෙට වැඩියා දෙව්ලිය සිහිනෙට වැඩියා ගායනය-කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාපා ලියනගේ කෝට් ගණනක් වියදම් කරමින් බිහිවෙන ඉලොට්‍රොනික ගායකයින් සහ රිගින් ටෝන් පසුපස හබායන බාල බොලඳ ගායකයින් තම ලාභ ඉපැයීමට මගක් ලෙස පමණක් ගීතය දකිනා අවකාශයක බිහිවු අව්‍යාජමය රැඩිකල් හඬ පෞරුෂ යුගලය - කසුන් සමග ඉන්ද්‍රචාපා  "ආදර මල් වල පාට කියන්නට" ... සාම්මානීය ගේය පද රචකයකු වන වසන්ත කුමාර කොබවකයන්ගේ ප්‍රතිභාපූර්ණ ගේය පද රචනයෙන්ද හැඩ වූ මෙම ගීතයේ ස්වර රචනය නවරත්න බණ්ඩාරයන්ගෙනි.... ආදරය , ප්‍රේමය  යනු කුමක්ද..? එක් තැනෙක කරුණාරත්න දිවුල්ගනේ මහතා කියනවා "ආදරය සුන්දර වරදකි" කියලා ... චන්දන ලියනාරච්චි මහත්මයා කියනවා  "ප්‍රේමය ලොව හ...

Pencil drawing of eyes

Image
හැමදාම හවසට උඹව ගිණි තියන හාදුවක් නොවරදින මගේ ඇස්... My painting [Vandana]

Ground-Sabaragamuwa University ❤️

Image

රුසියන් සාහිත්‍ය ..

Image
රුසියාවේ මහා පීටර් රජුගේ (1682-1725) රාජ්‍යත්වයෙන් පසුව එතෙක් ආගමෙහි දැඩි බලපෑමෙන් අඩපණව තිබූ සාහිත්‍ය ප්‍රවර්ධනය නැවත ප්‍රාණවත් ව නැගී සිටී...එම රජු විසින් සිදු කල භාෂා  ප්‍රතිසංස්කරණ හරහා නව රුසියන් සාහිත්‍යක් බිහි වීමට මග පෑදිණි...පූජක පක්ෂට මගින් භාවිතා කළ සංකීර්ණ රුසියන් බස ඉවත දමා සරල රුසියන් බසක් නිර්මාණය වේ...එතෙක් මළ බසක් මෙන් තිබූ රුසියන් බස  නව්‍යාකාරයෙන් හැඩ ගැසෙමින් සාහිත්‍ය නිර්මාණයන් සඳහා දායක වීම ආරම්භ විය...එතෙක් පැවති ජනකතා සාහිත්‍ය අබිබවා ගිය ලේඛන කලාවක් රුසියාව තුළ නිර්මාණය වන්නෙ ප්‍රංශ , ජර්මන් ආභාෂය මතය... නමුත් 2වන කැතරින් රැජිනගේ (1762-1796) රාජාණ්ඩු පාලනය තුළ තම අනන්‍යතාව පළ කල හැකි ආකාරයේ නිර්මාණ බිහි වීමට බොහෝ බාධක තිබුනව විප්ලවවාදී අදහස් වලින් පිරුනු ලේඛකයින් පිරිසක් විසින් රුසියන් සාහිත්‍යයේ ස්වර්ණමය අවධිය නිර්මාණය වේ... * මහා කවි ඇලෙක්සැන්ඩර් පුෂ්කින්..(1799-1837) කාව්‍ය , කෙටිකතා ,නවකතා ,නාට්‍ය ,සුරංගනා කතන්දර ආදී විවිධ ශානරයන්ගෙන් ලේඛනයේ යෙදුණු මොහුගේ නිර්මාණ ඉතා විශාල ගණනකි... * නිකොලොයි ගොගොල්..(1809-1852) විප්ලවවාදී ලේඛකයෙක...

Dark thoughts - සතුට තියෙන්නෙම මැරුණු තැන ආදරේ ...

Image

පෙම තවම මල්වරයි..

Image
ලං කරන් ..... ඇස් පියන්..... නොවිඳී පෙම සුන්දරයි....... ඇස් වලින් ..... බැල්මකින් ..... සීරෙනා හිත කලබලයි ....... එක් නොවුණු ..... සිත් බිඳුණු ...... පෙම තවම මල්වරයි ...... -වන්දනා-
Image
හිරිකටු ඔය - පඹහින්න❤️ (My photography:vandana )

මං උඹේ අප්පච්චි

Image
මං උඹේ අප්පච්චි 

මං උඹට ආදරෙයි කියන්නෙම...,

Image
My drawing [vandana] මං උඹට ආදරෙයි කියන්නෙම.., උඹ ඔන්ලයින් නැතිවෙනකොට මගෙ පපුව රිදෙන එකට.... පැල් බැඳගෙන උඹ මට සැර වෙනකොට.., ඇස් නොපියා උඹෙ මූණ දිහා බලන් ඉන්න හිතෙන එකට..... උඹ බඩගින්නේ කියලා දැන දැනම කන්න ගත්තු බත් කට.., උගුරෙ හිරවෙන එකට..... කොයි කොහොම උන්නත් උඹෙ පපුව මැද්දෙන් එන දාඩිය මුහුවෙච්චි පුසුඹට මගෙ හිත නිවෙන එකට.... ආඩම්බරකාර උඹෙ ඇස් වලට විතරක් උනත් මොහොතකට., මගෙ ගෑණු හිතම අවුස්සන්න පුලුවන් එකට.... අයිති නැති වගක් නිතරෝම කියවලා ඔච්චමට උඹ  හිනාවෙද්දි., ඇස් වලට මගෙ කඳුලු උනන එකට...... මං කොච්චර නං ඇඬුවත් උඹෙ පුංචි දුකකට උනත් මං වෛර කරන එකට..... උඹ මොන විදියකට වෙනස් උනත් හැමදාම මගෙ ඇස් වලට උඹව ලස්සනට පේන එකට.... වෙන එකෙක්ගෙ ලස්සනක් දැන් මට නොපෙනෙන එකට.... කවදාකහරි අතෑරෙන වග සත්ත කර උඹ කියවද්දි .., තප්පරේකට වත් දුර යන්න බැරි තරම් උඹ මත්තෙ නැහෙන එකට.... තනිකම හිතට කොයිතරම් වද දුන්නත් වෙන කෙනෙක් ළඟට යන්න හිතක් නැති එකට..... ඇත්තටම මං උඹට ආදරෙයි කියන්නේ මට උඹව නැතුව බැරි එකට..... -වන්දනා- ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️...

ඒ නුඹේ ඇස් ළඟ.......

Image

මමයි නුඹෙ හැමදාම පන...

Image

Gurugoda-oya [ගුරුගොඩ-ඔය] Kegalle-Bulathkohupitiya

Image
Gurugodaoya[photography:Janith Laksahan

DQ ❤️ My Drawing [ Vandana ]

Image
 Pencil drawing - DQ [Vandana]

ආදරේ නැතිම උනත් මං...

Image

Dark Thought

Image

නුඹේ ආදරණීය යක්ෂණිය...

මා ඔබට ආදරේ බව ඇත්තකි..එකම එක මොහොතකවත් ඔබට ලංව සිටින්නට කල්පයක් වුවත් බලා සිටිනු හැකි බවද ඇත්තකි...ඔබ තුළ දිය වී ගිය මොහොතක අනන්ත රාත්‍රිය ලබන්නට පැතුම් පතනා බවද ඇත්තකි..ඒ දවස වෙනුවෙන් කල්පයක් වුව ඉවසන්නට හැකි බැවින් දැන් .,මේ මොහොතේ මගේ හිස හිරිවැටී උමතු වී ඇති බවත් ඇත්තකි...මගේ උමතුවට හේතුව ,මගේම මරණය මට දැනුම් දෙමින් ,බලහත්කාරයෙන් සිහින තුළට රිංගා ,සමස්ථ සිහිනාවලිය හරහා කරක් ගසමින් උමතුවෙන් හඬලන උන්මත්තක උලමෙකි...මටම අතපසු වීම නිසා මා තුළම කල් ඉකුත් වූ සිහින කන්දරාවකි...ඒ සිහින ඔය ඇස් තුළින් දකින්නට හැකි වනු ඇතැයි මට දැවැන්ත විස්වාසයක් පවතී..පෙර මට තිබූ සිහින අතරතුර,පළමුව සිත්තර සිහිනයක් විය ..දෙවනුව කාව්‍යක්කරණ සිහිනයන් විය.. දැන් නම් ඒ හීන නුඹ ගැනම ය.... මේ ලෝකයේ සිටින හොඳම හොඳ විනීතම නපුරා ඔබය ..ආදරය පිළිබඳ පවතින අවනීතික රසාලිප්ත සිතිවිලි මෝචනයට අහිංසක ස්ත්‍රීන්ගේ වැඩවසම් හැඟීම් තෝරා ගැනීම අසාධාරණ නොවන්නේද...? දන්නවද ? දැන්වීමට සුභ ආරංචියක් තිබේ...මා ඔබට ආදරේ නෑ නෑ නෑ මය... අද සේම හෙටත් ගෙදර පැමිණි විගසම (මගේ මව නොව) මා සිහිපත් කරන්න...මන්ද යත් නිශ්චිතවම තවත් කරදහියක් ඔබ ...

කවුරුන්ද නුඹ මේ හැටි මගෙ හිත සනසන...

හීනියට පිනි වැටෙන දවසක... කුඩයක්වත් අතේ නැති හවසක... බංකුවක් උඩ ඉඳගෙන අත් පටලාන... සීතලට ගුලිවෙන්න පපුවට නොහිතාම... ඇස් වලින් හිරකරං මං නුඹ ළඟම... රළු මුවින් වුවනතම කිතිකවන... දඟකරන කෙහෙරැල්ලක අතරමංව... රතු වුනු කම්මුල් ආදරෙන් සිපගන්න... ජීවිතේ දුක කඳුල අමතකම කරවන... සෙනෙහස උඹේ පපුවම මගෙ පුරවන... තුරුලතට ගෙන ආදරෙන් හිස පිරිමදින... කවුරුන්ද නුඹ මේ හැටි මගෙ හිත සනසන... -වන්දනා-

ගුවර්නිකා සිතුවම

Image
සිතුවම :  ගුවර්නිකා සිතුවම් ශිල්පියා : පැබ්ලෝ පිකාසෝ 349.3 cm × 776.6 cm  ප්‍රමාණයේ ගුවර්නිකාව වත්මන් නිව්යෝර්ක් නුවර කලාගාරයක ප්‍රදර්ශනයට තබා ඇත සැඟවුණු කතාව : 1936 -1939 කාල පරාසය තුළ ස්පාඤ්ඤයේ සිවිල් යුද්ධයක් සිදුවිය. එහි එක් සංධිස්ථානයක  දි එරට ෆැසිස්ට් නායක Franco විසින් ස්පාඤ්ඤයේ ජයග්‍රහණය වෙනුවෙන් හිට්ලර් හා මුසෝලිනිගේ ආධාර ලබා ගන්නට විය.ඒ අනුව නාසි යානා මගින් හදිසි පහරදීම් කිහිපයක් ස්පාඤ්ඤය වැටලු අතර එහි ප්‍රබලම පහර ස්පාඤ්ඤයේ ගුවර්නිකා නගරයේ Bosque ප්‍රදේශයට එල්ල කරන ලදි. 1937 වසරේ අප්‍රේල් 26 දා යනු තවත් සඳුදා දිනයක් විය.එදින පස්වරුවේ 4.30ට පමණ නගරයේ සිටි 7000ක පමණ වැසියන්ගෙන් වැඩි පිරිසක් සිටියේ වීදිවල සැරිසරමින් සහ සාප්පු සවාරි යමින්ය.ඒ වන විට ස්පාඤ්ඤයේ සිවිල් යුද්ධය ඇරඹී වසරක් පමණ ගතවී තිබිණි.එකවරම පල්ලියෙන් සීනුව වාදනය වෙන ශබ්දය ඔවුන්ට ඇසුනි.ඉන් කියවුනේ ප්‍රදේශයට ගුවන් යානා ළඟාවන බවයි.මීට පෙරද මෙවැනි අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කෙරුණද කිසිදු ගුවන් ප්‍රහාරයක් නගරය ඉලක්ක කරගෙන එල්ල නොකෙරුණ නිසා මෙවර එම අනතුරු ඇඟවීම කිසිවෙක් එතරම් ගණන් ගත්තේ නැත..ඉන...

නිමක් නැති හිතුවිල්ලක්...

විදිලියක් මෙන් පෙනී නොපෙනී යන..... හදවතෙ බර ලේ නහර වැල් වේදනාවෙන් අඹරවන.... ඇහි පියන් යට ලවණ තිර පට අලවන..... ආදරේ අංශුවක සුවඳ තොල් පෙති මත තවරන.... තප්පරෙන් එකකට මට මාව අමතක කරවන...... -වන්දනා- ❤️❤️❤️❤️❤️❤️❤️❤️