මේ නගරය අලුත් වෙලා- ගී මිහිර
මේ නගරය අලුත් වෙලා
වැව් දිය රැළි ගිලන් වෙලා...
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
පටු මාවත් පුළුල් වෙලා...
එදා අප දුටු පෙම්වතුන්
වෙලා අද හොඳ පිංවතුන්...
අකුරු පොත් පත් පිරුනු අත් වල
එල්ලිලා අද පොඩි පුතුන්...
පෙම් කරපු තැන් පුරුදු
වසා සුවිසල් මැදුරු...
පෙම්වතුන් අද සිර වෙලා
පාළු කුටිවල අඳුරු...
ගේය පද රචනය සහ ගීතයේ ස්වර රචනය මාධව හේවාවසම්ගෙනි....ගායනය ටී.එම්.ජයරත්නයන්ගේ ලයාන්විත හඬිනි....
බොහෝ ප්‍රේම වෘතාන්තයන් හි , විශේෂයෙන් පාසල් ප්‍රේමයක මිහිර අතපත ගෑ ප්‍රේමවන්තයින්ට සුවිශේෂි මතක සටහන් ඉතිරි වේ....පාසල් ප්‍රේමය වූ කලී වැඩිහිටි වියේදි සිහි වන විට දෙතොලතර මදහසක් නැගෙන තරමට බොළඳය..එමෙන්ම නැවුම් ය....ජීවයෙන් පිරිපුන් ය...ඇයගෙ හෝ ඔහුගෙ ප්‍රථම අතැඟිලි ස්පර්ශය පවා සිත තුළ තදින්ම තැන්පත් වී පවතී...ඒ මතකයන් හා බැඳුණු මං මාවත් , බස් නැවතුම්පොළ , ගහ කොල , ගොඩනැගිලි , නගරය , හිඳ වුන් බංකුව පවා ඒ අතීත ස්මරණයන්හි ජීවමාන සාක්ෂින් ය....
ප්‍රේමය ජය ගත්තෝ ඔවුනොවුන් අත ගෙන යලි ඒ මං මාවත් වල ඇවිද යන්නේ පෙර මතක අතර සැනහෙමිනි....ප්‍රේමයෙන් පරාජිත වූවෝ ඒ මතක හා බැඳුණු භෞතික පරිසරය කෙරේ බැඳෙන්නෙ ප්‍රේමයේ විරහව දරාගනු නොහැකිවය....මේ කෙසේ නමුදු පෙම් කළ වුන් ඔවුනොවුන්ගෙ මතක හා බැඳුණු භෞතික පරිසරයට ඇලුම් කරති....
මේ ගීය පුරා දිවෙන්නෙ එක්තරා වයස්ගත පෙම් යුවලක් පෙර ඔවුන් අත් පටලන් ඇවිද ගිය මාවතක ඇවිද යමින් තම අතීතය ස්මරණය කරන අයුරුය...එකළ ඔවුන් බෙහෙවින් පෙම් කළ ඒ පරිසරය අද සැබැවින්ම අලුත් ය...බොහෝ වෙනස් ය...
මේ නගරය අලුත් වෙලා
වැව් දිය රැළි ගිලන් වෙලා...
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
පටු මාවත් පුළුල් වෙලා...
ඒ වෙනස ඒතරම් සුවදායක වෙනසක් නොවන බව හැඟේ...එකළ වැව් දියෙන් සිසිල් වු පරිසරය ඔවුන්ගේ ප්‍රේමයට නිසැකවම ආශිර්වාදයක් වන්නට ඇත...අතිනත ගෙන ඔවුනොවුන් තුරුලත පැටලෙමින් ඇවිද ගිය පටු මාවත අද පුළුල් ය...ජනාකීර්ණ තද බදයෙන් පිරුණු මහා මාවතක අද්දර ප්‍රේමය හරියට මෑත පෙනෙනා දිය සිඳුනු වැව් තලය වගේය..තව දුරටත් එය රැළි නොනගනු ඇත....
එදා අප දුටු පෙම්වතුන්
වෙලා අද හොඳ පිංවතුන්...
අකුරු පොත් පත් පිරුනු අත් වල
එල්ලිලා අද පොඩි පුතුන්...
සියලු භෞතික වස්තූන් සේම ජීවිතය ද නොනැවති ගලායන ප්‍රවාහයකට ගොඳුරු වෙමින් වෙනස් වන අයුරු ., කෙමෙන් වියැකී යන අයුරු පද කිහිපයකින් නිරූපණය කිරීමම අපූරුය...එදා අතිනත් පටලාන පෙම් කළ අය.., ඔවුන් හා එක්ව අකුරු කළ කෙළි දෙලෙන් කල් ගෙවූ අය දැන් ජීවිතයේ සැදෑ සමය ගෙවයි...ඔවුන්ගේ ජීවිත ප්‍රේමයෙන් , විවාහයෙන් , දරුවන්ගෙන් , යුතුකම් සහ වගකීම් යන රැහැන් පටවල් වලින් බැඳී ඇත...ඇතැමෙක් මෙලොව බැඳි ඒ රැහැන් පටින් මිදී නිදහස් මනසකින් යුක්තව පරලොව සුවය පතා පිං දහම් වල නියැලෙති...එදා සැහැල්ලුවෙන් ඇවිද ගිය පෙම්වතුන් අද ජීවිතයේ සියලු බර දරා ඒ මාවතෙහිම ගමන් යති....
පෙම් කරපු තැන් පුරුදු
වසා සුවිසල් මැදුරු...
පෙම්වතුන් අද සිර වෙලා
පාළු කුටිවල අඳුරු...
මෙහි පද පෙළ ගෙතෙන්නෙ ඒ අතීතය වර්තමානය කෙරෙහි සංසන්දනය වන ආකාරයෙනි...පරම්පරා දෙකක් අතර ප්‍රේමයේ විෂමතාව .., අපූර්වයෙන් දක්වා ඇත...එදා ප්‍රේමය සුන්දරය... නැවුම් ය... ඒ ප්‍රේමය ඔවුන්ට දායාද කලේ මේ නගරය ය...මේ ගහ කොල ය...මේ ඇළ දොළය... මිනිසුන් තුළ තිබූ සරල අව්‍යාජ ජීවන ශෛලිය තුළ අසීමිත අවශ්‍යතා එකල නොතිබුණි...අහසට මහ පොළොවට ගහ කොළට පවා මිලක් නියම වද්දී තරඟකාරී මනසක් නිතැතින්ම මිනිසාට හිමි වද්දී ප්‍රේමයද සහන මිලට අඳුරු කුටි වල විකිණෙන අයුරු රචකයා මාවත අද්දරටම වී බලා හිඳී... එදා පෙම් කළ වුන්ගේ මතක වැව් දිය , ගහකොළ , මං මාවත් වල වියැකෙද්දී මෙදා යෞවන ප්‍රේමය අඳුරු කුටි තුළ පන අදියි....රචකයා එහි වරද පටවන්නෙ ප්‍රේමවන්තයින්ට නොව....ඔවුන්ව එසේ සිර කර දැමූ සභ්‍යත්වයේ රෙදිපිළි හැඳගත් අශ්ශීල ඊනියා සංස්කෘතියටය ...කෙදිනක හෝ ඔවුන්ට සිහි කරන්නට විඳින්නට ඇත්තේ ප්‍රේමයේ සොඳුරු මතකයන් ද , නැතහොත් කිලිටි වූ සයනයක රැළි අතර අකාලයේ සැඟව ගිය ප්‍රේමයක අසුන්දර මතකයන්ද....අවසානය ඔබ සතුය...කාලය හෝ මේ වේගයෙන් ගලායන සමාජ ප්‍රවාහය හෝ අපට කිසිදා නතර කළ නොහැක...එසේම වෙනස් කළ නොහැක...නොනවත්වා අපි මතකයන් එක් කරගනිමින් හිඳින්නෙමු......තව බොහෝ දේ වෙනස් වීමට නියමිතය........
වන්දනා ..

Comments
Post a Comment