මේ නගරය අලුත් වෙලා- ගී මිහිර
මේ නගරය අලුත් වෙලා වැව් දිය රැළි ගිලන් වෙලා... අත් අල්ලන් ඔහේ ඇවිද ගිය පටු මාවත් පුළුල් වෙලා... එදා අප දුටු පෙම්වතුන් වෙලා අද හොඳ පිංවතුන්... අකුරු පොත් පත් පිරුනු අත් වල එල්ලිලා අද පොඩි පුතුන්... පෙම් කරපු තැන් පුරුදු වසා සුවිසල් මැදුරු... පෙම්වතුන් අද සිර වෙලා පාළු කුටිවල අඳුරු... ගේය පද රචනය සහ ගීතයේ ස්වර රචනය මාධව හේවාවසම්ගෙනි....ගායනය ටී.එම්.ජයරත්නයන්ගේ ලයාන්විත හඬිනි.... බොහෝ ප්‍රේම වෘතාන්තයන් හි , විශේෂයෙන් පාසල් ප්‍රේමයක මිහිර අතපත ගෑ ප්‍රේමවන්තයින්ට සුවිශේෂි මතක සටහන් ඉතිරි වේ....පාසල් ප්‍රේමය වූ කලී වැඩිහිටි වියේදි සිහි වන විට දෙතොලතර මදහසක් නැගෙන තරමට බොළඳය..එමෙන්ම නැවුම් ය....ජීවයෙන් පිරිපුන් ය...ඇයගෙ හෝ ඔහුගෙ ප්‍රථම අතැඟිලි ස්පර්ශය පවා සිත තුළ තදින්ම තැන්පත් වී පවතී...ඒ මතකයන් හා බැඳුණු මං මාවත් , බස් නැවතුම්පොළ , ගහ කොල , ගොඩනැගිලි , නගරය , හිඳ වුන් බංකුව පවා ඒ අතීත ස්මරණයන්හි ජීවමාන සාක්ෂින් ය.... ප්‍රේමය ජය ගත්තෝ ඔවුනොවුන් අත ගෙන යලි ඒ මං මාවත් වල ඇවිද යන්නේ පෙර මතක අතර සැනහෙමිනි....ප්‍රේමයෙන් පරාජිත වූවෝ ඒ මතක හා බැඳුණු භෞතික පරිසරය කෙරේ බැඳෙන්නෙ...