Posts

96

Image
 "ප්‍රථම ප්‍රේමය"  පාසල් ප්‍රේමයක් කියන්නෙ හුඟ දෙනෙක්ට මතක සැමරුම් ගොඩක් එක්කහු කරන මතක් කරද්දි මුණට හිනාවක් එන බොළඳ වැඩ වලින් පිරිච්චි ප්‍රේමයක්.... ආදරය කියන්නෙ මොන වගේ හැඟීමක්ද කියලා තෝරගන්නවත් බැරි වයසක ඒ සමහර හැඟීම් දැනෙද්දි කරන්නෙ මහ බොළඳ , මෝඩ වැඩ... ඒ කෙනාව තමන්ට දවසින් දවස විශේෂ වෙද්දි දාහක් ඇස් අස්සෙ උනත් ඒ ඇස් හොයද්දි , වටේ මොන දේවල් උනත් ඒ ඇස් මගනොඇර එක විනාඩියක් ඉන්න බැරිවෙද්දි.., එක දවසක් ඒ මූණ නොබලා ඉන්න බැරිකම හින්දම පැමිණීම 80% පන්නලා කප් ගහපු ආදරවන්තයෝ ඕනිතරං ඇති....එක දවසක් එයා ඉස්කෝලේ නෑවිදින් ඉන්නකොට හද්දා පාලුවක් තනිකමක් දැනෙනවා...එහෙම දවස් ගෙවෙන්නෙ පුදුම තරං හෙමීට... හුළං ගියපු බැලුම වගේ මූණත් නාලු කරං ඒ ගෙවපු  දවස්...ගෙදරින් පවා බැනුම් අහලා ඇති.... කන්න ගියත් ,නාන්න ගියත් , ටීවි බලන්න ගියත් ,නිදාගන්න ගියත් ඒ මූණම පේන කාලයක් තියෙනවා...එයාව දකිනකොට පපුව කිතිකැවිලා යන හැඟීමක් .., නිකමට හරි එයා ඇවිදගෙන තමන් ළඟට ආවොත් ඒ ළංවෙන අඩියෙන් අඩිය පපුව වේගෙන් ගැහෙන්න ගන්නවා...බැරිවෙලාවත් ලාවට වත් ඒ සුළැඟිල්ලක් ඇඟේ වැදුනොත් තිස්තුන්දාහෙ කරන්ට් එක ඇඟ හරහා ගියා වගේ...

අවසන් රාත්‍රී භෝජනය.

Image
   මෙය "ලියනාඩෝ ඩාවින්චි" ( Leonardo da Vinci ) නම් සුප්‍රකට කලාකරුවා විසින් අඳින ලද සිතුවමකි...ක්‍රි:ව: 15 වන සියවසේදි පමණ ඉතාලියේ මිලාන් නගරයේ "Santa Maria delle Grazie"  නම් දේවස්ථානයේ භෝජන ශාලාවේ බිත්තිය මත මෙය සිත්තම් කර ඇත....1495 දී  සිතුවම් කිරීම අරඹා 1498 දී නිම කරන ලදයි සැලකේ...අඩි 29 ක් දිග අඩි 13.5 ක් පළලින් යුතු මෙම චිත්‍රය පොළව මට්ටමේ සිට අඩි 15ක් පමණ ඉහළින් ඇඳ ඇත... * සිතුවමේ කතාව... මෙම සිතුවමෙන් නිරූපණය වන්නෙ  ජේසුස් වහන්සේ තම ගෝලයන් 12 දෙනා සමග රාත්‍රී භෝජනය ගනිමින් සිටින අතර තුර, ඔවුන්ගෙන් කෙනෙකු තමන්ව නුදුරේදී පාවා දෙනු ඇතැයි යන්න ප්‍රකාශ කල මොහොතයි... ඒ අවස්ථාවේ ගෝලයින් 12 දෙනා තුළ සිදුවන වෙනස්කම් සහ ඔවුන්ගේ හැසිරීම්   සිතුවමෙන් ඉතා දක්ෂ ලෙස ඉස්මතු කර ඇත....පසු කාලීනව හමුවූ ඩාවින්සිගේ අත්පිට පතකට අනුව (The Notebooks of Leonardo da Vinci) මෙහි චරිත වෙන වෙනම හදුනා ගත හැකිවිය.... Bartholomew, James , Andrew , Judas, Peter, John ,Thomas, James, Philip ,Matthew, Thaddeus , Simon එම 12 දෙනාය...මොවුන් අතරින් පාවා දෙන්නා වූ Judas ගේ රුව අන...

නිම්නාගේ ඉතිහාසය

Image
නිම්නාගේ ඉතිහාසය...... කියවන අතරෙම හිතුනා ඒ ගැන පුංචි දෙයක් හරි ලියන්න ඕනි කියලා...ඒකට පළවෙනි හේතුව මේ පොත මගෙ අතට ආපු විදිය.... Hiniduma Sunil Senevi සර් තමයි මේ පොත අරං ඇවිත් පිටුවක් වත් පෙරලන්න පමා නොවී මගෙ අතට දුන්නේ., " ආ...මේ පොත මං ගත්තේ තමුන්ව මතක් වෙලා...." කියලා .. ඒ වචන ටික හිතට ඇති කරපු උණුහුමත් එක්ක පොත කියෙව්වෙ ගොඩක් ආසාවෙන්...එතකොට මේක ලියන්න හේතුවෙච්ච අනිත් කාරණාවම තමයි සර් මට මේ පොත ගෙනත් දෙන්න හේතුවත්....,මං මේ දවස්වල සිංහල නවකතාව පෙරළලා හොයන කෙනෙක් ඉන්නවා... "රබීන්ද්‍රනාත් තාගෝර්ගෙ විශ්වීය පුරවැසියා" අනාගතේ ලෝකයට අත්‍යවශ්‍යම ඒත් කවදාවත්ම බිහි නොවේවිය කියලා හිතන මේ විශ්වීය පුරවැසියා නිර්මාණය කිරීමේ නිහඬ ව්‍යාපාරය කරන්නෙ සාහිත්‍යය ඇතුලේ....ඒ කවියද , කෙටිකතාවද , නවකතාවද ,නාට්‍යද , සිනමාවද , සිතුවමද කියන එකේ වෙනසක් නෑ... ලංකාව බ්‍රිතාන්‍ය විරෝධී "නිදහස් මහජන අරගලයකට" සුදානම් කරපු නිදහස් සටනේ පුරෝගාමීන් හදාගත්තු theme එක තමයි "සිංහල-බෞද්ධ" කියන්නෙ....ඇත්තටම ඒක මාර weapon එකක්....ජාත්‍යාලය , දේශප්‍රේමය වගේ ලස්සන නම් දීපු මේ ...
Image
කාල නදී ගලා බසී - නෝබට් අයගමගේ... 2014 රාජ්‍ය සාහිත්‍ය සම්මානිත නවකතාව සුදු අධිරාජ්යවාදීන්ගේ රබර් වැවිල්ලෙන් ඇරඹෙන කතාව සාදිරිස් නම් කොලු ගැටයකු වටා ගෙතී අපූරැවට දිව යයි....මව් අහිමි පිය සෙනෙහසින් දුරස්වූ සාදිරිස් තම පුංචි අම්මාගෙන්ද සහනයක් නොලැබීය...මව්ගේ මරණින් පසු තම පියා හා දීඝ කෑ මව්ගේ නැඟෙනිය වූ පුංචි අම්මාට වහ වැටුණු ගමේ චණ්ඩියාවූ ගවරාගෙන්ද සාදිරිස්ට නිවනක් නොවීය...ඔහුට තිබි එකම සැනසුම වූයේ තමන්ට වඩා වසර කිහිපයකින් වැඩිමහලු මැගිලින් අක්කාගේ සෙනහස, ආදරය පමණි...දිනෙක සාදිරිස්ගේ ඉවසීමේ සීමාව අවසන් විය....ගවරාට ජීවිත කාලයටම පාඩමක් උගන්වා ගමෙන් පැන ගිය ඔහු නතර වූයේ තන්ඩලේගේ පාරැවේය..එතැන් පටන් දිවෙන සාදිරිස්ගේ අන්දරය ත්රාසය,භීතිය,කුතුහලය හා ප්‍රේමයෙන් සන්නද්ධව දිගටම ගලා යන්නේ කළු ගඟටත් වඩා වේගයෙනි...විටෙක චණ්ඩ වී ඉවුරැ පොඩි කරමින් ගලා ගිය එය තවත් වරෙක ඉවුරටත් නොදැනී ගලා බසිනා පුංචි දිය පාරක් වුණි... පරම්පරා ගණනක් පුරා පැවත එන වෛරයක් සමඟම වස්තුවකට ඇති තණ්හාව නිසා නැතිවන මිනිස් ජීවිත වලින් අපට ගෙන එන පාඩම තණ්හාවේ ආදිනව කියාපාන කැඩපතක් පරිද්දෙන් මුළු කතාව පුරාම දිස්නේ දෙයි.... ...

Beauty of the Sabaragamuwa University of Sri Lanka

ෆැන්ටසි හීන

Image
මං මේක කියන්නේ ඔයාට .., තිස්සෙම හිතට දැනෙන ඒත් මග හරින හැඟීමක් තියෙනවා ... මිරිඟුවකට ලොබ බඳින හිත හති වැටේවි කියන බය...ඒ ලොබකමින් දිය පොදක් වත් නොබී මිරිඟුව පස්සෙම දුවනවා...ෆැන්ටසිය දිගේ ඔහේ ඉවක් බවක් නැතිව හීන හොයනවා...බැඳෙනවා...විඳිනවා....නැලැවෙනවා... එක මොහොතක දඩාස් ගාලා ඒ ෆැන්ටසියෙන් විසිවෙනවා..... ඒ ආඩම්බරකම ,අහංකාරකම දිහා බලං හිත හූල්ලනවා.....ෆැන්ටසි හීන නැතුව හුස්ම ගන්න බැරි හිත රියැලිටිය අස්සෙ පණ අදිනවා.....ඇස් පියාගෙන අමාරුවෙන් හුස්ම ගන්නවා... අමුතු පෙම ආයිම ජීවිතය දෙනවා.. කියව ගන්න බැරි නොතේරෙන හිතක ප්‍රේමය මියැදෙන හිතට හුස්ම පිඹිනවා...හීන ආයෙම පැලවෙනවා...මං හිමිහිට ඒ හිත මත්තේ වැතිරෙනවා...ඇස් නොහැරම මං ආයේ හුස්ම ගන්නවා...ෆැන්ටසිය ඇතුලේ මං හිරවෙනවා.....,ආයිමත් එළියට විසි වෙනකම්..., මිරිඟුවට මං පෙම් කරනවා..🌼🌼🌼 -වන්දනා-