96

 "ප්‍රථම ප්‍රේමය"  පාසල් ප්‍රේමයක් කියන්නෙ හුඟ දෙනෙක්ට මතක සැමරුම් ගොඩක් එක්කහු කරන මතක් කරද්දි මුණට හිනාවක් එන බොළඳ වැඩ වලින් පිරිච්චි ප්‍රේමයක්....


ආදරය කියන්නෙ මොන වගේ හැඟීමක්ද කියලා තෝරගන්නවත් බැරි වයසක ඒ සමහර හැඟීම් දැනෙද්දි කරන්නෙ මහ බොළඳ , මෝඩ වැඩ... ඒ කෙනාව තමන්ට දවසින් දවස විශේෂ වෙද්දි දාහක් ඇස් අස්සෙ උනත් ඒ ඇස් හොයද්දි , වටේ මොන දේවල් උනත් ඒ ඇස් මගනොඇර එක විනාඩියක් ඉන්න බැරිවෙද්දි.., එක දවසක් ඒ මූණ නොබලා ඉන්න බැරිකම හින්දම පැමිණීම 80% පන්නලා කප් ගහපු ආදරවන්තයෝ ඕනිතරං ඇති....එක දවසක් එයා ඉස්කෝලේ නෑවිදින් ඉන්නකොට හද්දා පාලුවක් තනිකමක් දැනෙනවා...එහෙම දවස් ගෙවෙන්නෙ පුදුම තරං හෙමීට... හුළං ගියපු බැලුම වගේ මූණත් නාලු කරං ඒ ගෙවපු  දවස්...ගෙදරින් පවා බැනුම් අහලා ඇති....


කන්න ගියත් ,නාන්න ගියත් , ටීවි බලන්න ගියත් ,නිදාගන්න ගියත් ඒ මූණම පේන කාලයක් තියෙනවා...එයාව දකිනකොට පපුව කිතිකැවිලා යන හැඟීමක් .., නිකමට හරි එයා ඇවිදගෙන තමන් ළඟට ආවොත් ඒ ළංවෙන අඩියෙන් අඩිය පපුව වේගෙන් ගැහෙන්න ගන්නවා...බැරිවෙලාවත් ලාවට වත් ඒ සුළැඟිල්ලක් ඇඟේ වැදුනොත් තිස්තුන්දාහෙ කරන්ට් එක ඇඟ හරහා ගියා වගේ ෂොක් එකක් , ඒ ස්පර්ශයම ඇති දවස් ගණං රෑ දවල් තැනක් නොතැනක් නැතුව ඇස් පියං හීන මවන්න...


"ආදරය" වචන වලට නොපෙරලා , ඇස් වලින් විතරක් ළං වුන ආදරවන්තයින් , කවදාවත් නොකියවුණු ඒත් කවමදාවත් නොමැකෙන පෙම් කතා මේ ලෝකෙ  තව ඕනිතරං ඇති....


අයිතියක් නැතුව කෙනෙක්ට ආදරේ කරන්නත් ලොකු හිතක් තියෙන්න ඕනි...කාලයක් තමං මුලු හිතින්ම අල්ලං හිටපු , අයිති කරගන්න පෙරුම් පුරපු අතක් තව කෙනෙක් අල්ලගෙන යනවා දකිද්දි ආදරේ කරපු හිතකට දැනෙන වේදනාව ගලපන්න මේ ලෝකෙ ශ්‍රේෂ්ඨම ලේඛකයටවත් බැරිවෙයි...ඒත් ඒ ආදරය කෙලවරක් වෙයිද...??  නෑ... මැරෙනකං ඒ ආදරේ ඒ වගේ හිතක් ඇතුලේ ජීවත් වෙනවා...


ඒ ඉස්කෝලේ , එයා ඉඳපු පංතියේ ඩෙස් පේලිය... ඇස් වලට නිවනක් නොදී ඒ ඇස් අස්සෙ හිරවෙලා  යාලුවො එක්ක පිස්සු නටපු හැම තැනක්ම ,හැම බිම් අඟලක්ම....එයාගෙ අතින් මගෑරිලා වැටුනු පුංචි කොල කෑල්ලක් පවා මතක සටහනක්...එයා වෙනුවෙන් ලියපු බොළඳ කවිපද....වයසින් කොයිතරම් පරිණත වුනත් මේ මතක එක්ක මොහොතකින් ආපහු ඒ කාලෙට යන්න පුළුවන්....ජීවිතේ හැම වැදගත් මොහොතකම , දරාගන්න බැරි දුකක් දැනුනු හැම මොහොතකම හිත බලාපොරොත්තු වෙන්නෙ කොහේහරි ඉඳලා එයා එයි කියලා...


ඒත් හරි පරිස්සමට ඒ මතක තමන් ළඟ තියං , ඒ කෙනා සතුටින් ජීවත් වෙනවා කියලා හිතාගෙන පාඩුවේ ජීවත් වෙද්දි එකපාරටම නොහිතපු විදියට අවුරුදු ගානකට පස්සෙ තමන්ගෙ ඇස් ඉස්සරහට ආවොත්.... තාමත් ඒ ඇස් වල පුරුදු ආදරේම ලියවිලා තිබුනොත්...එක පුංචිම පුංචි අතපසුවීමකින් ඒ ආදරේ අහිමි වුනේ කියලා දැනගන්න ලැබුනොත් .., ඒත්  ආපහු හැරෙන්න බැරි දුරක් ජීවිතේ ගෙවිලා ගිහින් කියන තිත්ත ඇත්ත විඳවගන්න ආදරේ කරපු හිත් දෙක්කට පුළුවන් වෙයිද......


අමතක කරන්න එපා...මේ හැබෑ ජීවිතය...ෆිල්ම් වල වගේ ප්‍රාතිහාර්‍යන් සිද්ද වෙන් නෑ....


බලන්න .... ❤️ 




Comments

Popular posts from this blog

නිම්නාගේ ඉතිහාසය

ෆැන්ටසි හීන