ෆැන්ටසි හීන










මං මේක කියන්නේ ඔයාට ..,

තිස්සෙම හිතට දැනෙන ඒත් මග හරින හැඟීමක් තියෙනවා ... මිරිඟුවකට ලොබ බඳින හිත හති වැටේවි කියන බය...ඒ ලොබකමින් දිය පොදක් වත් නොබී මිරිඟුව පස්සෙම දුවනවා...ෆැන්ටසිය දිගේ ඔහේ ඉවක් බවක් නැතිව හීන හොයනවා...බැඳෙනවා...විඳිනවා....නැලැවෙනවා... එක මොහොතක දඩාස් ගාලා ඒ ෆැන්ටසියෙන් විසිවෙනවා..... ඒ ආඩම්බරකම ,අහංකාරකම දිහා බලං හිත හූල්ලනවා.....ෆැන්ටසි හීන නැතුව හුස්ම ගන්න බැරි හිත රියැලිටිය අස්සෙ පණ අදිනවා.....ඇස් පියාගෙන අමාරුවෙන් හුස්ම ගන්නවා... අමුතු පෙම ආයිම ජීවිතය දෙනවා.. කියව ගන්න බැරි නොතේරෙන හිතක ප්‍රේමය මියැදෙන හිතට හුස්ම පිඹිනවා...හීන ආයෙම පැලවෙනවා...මං හිමිහිට ඒ හිත මත්තේ වැතිරෙනවා...ඇස් නොහැරම මං ආයේ හුස්ම ගන්නවා...ෆැන්ටසිය ඇතුලේ මං හිරවෙනවා.....,ආයිමත් එළියට විසි වෙනකම්..., මිරිඟුවට මං පෙම් කරනවා..🌼🌼🌼

-වන්දනා-

Comments

  1. දිගටම බ්ලොග් එක ලියන්න. පුදුම විදියට සතුටු උනා දිගටම ලියපු එක ගැන

    ReplyDelete
  2. සර් හින්දා තමයි ❤️😍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නිම්නාගේ ඉතිහාසය