Posts

Showing posts from December, 2019
Image
කාල නදී ගලා බසී - නෝබට් අයගමගේ... 2014 රාජ්‍ය සාහිත්‍ය සම්මානිත නවකතාව සුදු අධිරාජ්යවාදීන්ගේ රබර් වැවිල්ලෙන් ඇරඹෙන කතාව සාදිරිස් නම් කොලු ගැටයකු වටා ගෙතී අපූරැවට දිව යයි....මව් අහිමි පිය සෙනෙහසින් දුරස්වූ සාදිරිස් තම පුංචි අම්මාගෙන්ද සහනයක් නොලැබීය...මව්ගේ මරණින් පසු තම පියා හා දීඝ කෑ මව්ගේ නැඟෙනිය වූ පුංචි අම්මාට වහ වැටුණු ගමේ චණ්ඩියාවූ ගවරාගෙන්ද සාදිරිස්ට නිවනක් නොවීය...ඔහුට තිබි එකම සැනසුම වූයේ තමන්ට වඩා වසර කිහිපයකින් වැඩිමහලු මැගිලින් අක්කාගේ සෙනහස, ආදරය පමණි...දිනෙක සාදිරිස්ගේ ඉවසීමේ සීමාව අවසන් විය....ගවරාට ජීවිත කාලයටම පාඩමක් උගන්වා ගමෙන් පැන ගිය ඔහු නතර වූයේ තන්ඩලේගේ පාරැවේය..එතැන් පටන් දිවෙන සාදිරිස්ගේ අන්දරය ත්රාසය,භීතිය,කුතුහලය හා ප්‍රේමයෙන් සන්නද්ධව දිගටම ගලා යන්නේ කළු ගඟටත් වඩා වේගයෙනි...විටෙක චණ්ඩ වී ඉවුරැ පොඩි කරමින් ගලා ගිය එය තවත් වරෙක ඉවුරටත් නොදැනී ගලා බසිනා පුංචි දිය පාරක් වුණි... පරම්පරා ගණනක් පුරා පැවත එන වෛරයක් සමඟම වස්තුවකට ඇති තණ්හාව නිසා නැතිවන මිනිස් ජීවිත වලින් අපට ගෙන එන පාඩම තණ්හාවේ ආදිනව කියාපාන කැඩපතක් පරිද්දෙන් මුළු කතාව පුරාම දිස්නේ දෙයි.... ...

Beauty of the Sabaragamuwa University of Sri Lanka

ෆැන්ටසි හීන

Image
මං මේක කියන්නේ ඔයාට .., තිස්සෙම හිතට දැනෙන ඒත් මග හරින හැඟීමක් තියෙනවා ... මිරිඟුවකට ලොබ බඳින හිත හති වැටේවි කියන බය...ඒ ලොබකමින් දිය පොදක් වත් නොබී මිරිඟුව පස්සෙම දුවනවා...ෆැන්ටසිය දිගේ ඔහේ ඉවක් බවක් නැතිව හීන හොයනවා...බැඳෙනවා...විඳිනවා....නැලැවෙනවා... එක මොහොතක දඩාස් ගාලා ඒ ෆැන්ටසියෙන් විසිවෙනවා..... ඒ ආඩම්බරකම ,අහංකාරකම දිහා බලං හිත හූල්ලනවා.....ෆැන්ටසි හීන නැතුව හුස්ම ගන්න බැරි හිත රියැලිටිය අස්සෙ පණ අදිනවා.....ඇස් පියාගෙන අමාරුවෙන් හුස්ම ගන්නවා... අමුතු පෙම ආයිම ජීවිතය දෙනවා.. කියව ගන්න බැරි නොතේරෙන හිතක ප්‍රේමය මියැදෙන හිතට හුස්ම පිඹිනවා...හීන ආයෙම පැලවෙනවා...මං හිමිහිට ඒ හිත මත්තේ වැතිරෙනවා...ඇස් නොහැරම මං ආයේ හුස්ම ගන්නවා...ෆැන්ටසිය ඇතුලේ මං හිරවෙනවා.....,ආයිමත් එළියට විසි වෙනකම්..., මිරිඟුවට මං පෙම් කරනවා..🌼🌼🌼 -වන්දනා-

නුඹය හිත මත දඟකර ආදරය මන බැන්ඳූ.

Image
Pencil drawing - vandana