මං උඹට ආදරෙයි කියන්නෙම...,
My drawing [vandana] මං උඹට ආදරෙයි කියන්නෙම.., උඹ ඔන්ලයින් නැතිවෙනකොට මගෙ පපුව රිදෙන එකට.... පැල් බැඳගෙන උඹ මට සැර වෙනකොට.., ඇස් නොපියා උඹෙ මූණ දිහා බලන් ඉන්න හිතෙන එකට..... උඹ බඩගින්නේ කියලා දැන දැනම කන්න ගත්තු බත් කට.., උගුරෙ හිරවෙන එකට..... කොයි කොහොම උන්නත් උඹෙ පපුව මැද්දෙන් එන දාඩිය මුහුවෙච්චි පුසුඹට මගෙ හිත නිවෙන එකට.... ආඩම්බරකාර උඹෙ ඇස් වලට විතරක් උනත් මොහොතකට., මගෙ ගෑණු හිතම අවුස්සන්න පුලුවන් එකට.... අයිති නැති වගක් නිතරෝම කියවලා ඔච්චමට උඹ හිනාවෙද්දි., ඇස් වලට මගෙ කඳුලු උනන එකට...... මං කොච්චර නං ඇඬුවත් උඹෙ පුංචි දුකකට උනත් මං වෛර කරන එකට..... උඹ මොන විදියකට වෙනස් උනත් හැමදාම මගෙ ඇස් වලට උඹව ලස්සනට පේන එකට.... වෙන එකෙක්ගෙ ලස්සනක් දැන් මට නොපෙනෙන එකට.... කවදාකහරි අතෑරෙන වග සත්ත කර උඹ කියවද්දි .., තප්පරේකට වත් දුර යන්න බැරි තරම් උඹ මත්තෙ නැහෙන එකට.... තනිකම හිතට කොයිතරම් වද දුන්නත් වෙන කෙනෙක් ළඟට යන්න හිතක් නැති එකට..... ඇත්තටම මං උඹට ආදරෙයි කියන්නේ මට උඹව නැතුව බැරි එකට..... -වන්දනා- ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️...