නුඹේ ආදරණීය යක්ෂණිය...

මා ඔබට ආදරේ බව ඇත්තකි..එකම එක මොහොතකවත් ඔබට ලංව සිටින්නට කල්පයක් වුවත් බලා සිටිනු හැකි බවද ඇත්තකි...ඔබ තුළ දිය වී ගිය මොහොතක අනන්ත රාත්‍රිය ලබන්නට පැතුම් පතනා බවද ඇත්තකි..ඒ දවස වෙනුවෙන් කල්පයක් වුව ඉවසන්නට හැකි බැවින් දැන් .,මේ මොහොතේ මගේ හිස හිරිවැටී උමතු වී ඇති බවත් ඇත්තකි...මගේ උමතුවට හේතුව ,මගේම මරණය මට දැනුම් දෙමින් ,බලහත්කාරයෙන් සිහින තුළට රිංගා ,සමස්ථ සිහිනාවලිය හරහා කරක් ගසමින් උමතුවෙන් හඬලන උන්මත්තක උලමෙකි...මටම අතපසු වීම නිසා මා තුළම කල් ඉකුත් වූ සිහින කන්දරාවකි...ඒ සිහින ඔය ඇස් තුළින් දකින්නට හැකි වනු ඇතැයි මට දැවැන්ත විස්වාසයක් පවතී..පෙර මට තිබූ සිහින අතරතුර,පළමුව සිත්තර සිහිනයක් විය ..දෙවනුව කාව්‍යක්කරණ සිහිනයන් විය..
දැන් නම් ඒ හීන නුඹ ගැනම ය....

මේ ලෝකයේ සිටින හොඳම හොඳ විනීතම නපුරා ඔබය ..ආදරය පිළිබඳ පවතින අවනීතික රසාලිප්ත සිතිවිලි මෝචනයට අහිංසක ස්ත්‍රීන්ගේ වැඩවසම් හැඟීම් තෝරා ගැනීම අසාධාරණ නොවන්නේද...?

දන්නවද ? දැන්වීමට සුභ ආරංචියක් තිබේ...මා ඔබට ආදරේ නෑ නෑ නෑ මය...

අද සේම හෙටත් ගෙදර පැමිණි විගසම (මගේ මව නොව) මා සිහිපත් කරන්න...මන්ද යත් නිශ්චිතවම තවත් කරදහියක් ඔබ නමට ඇති බැවිනි...මා පස්ස කැඩිච්ච කඩිච්චියක සේ පිස්සුවෙන් දඟලමි..ඔබ නැති බැවිනි...

මින්මතු කොයි කවරදාවත් තහනම් වචනයෙන් මට දමා නොගසන්නැයි මම කාරුණිකව ඉල්ලා සිටිමි...හිත රිදී.,රිදි රිදී රිදුම් දෙන විට මගේ ප්‍රතිචාරය වනුයේ ඊට සමාන්තරව නපුරු වීමය...මා දන්නා අය එය දනී..නපුරු කම වැඩි වන්නේ ආදරේ වැඩි තරමටය.. ඔබ මගේ හිත කොච්චරක් නම් රිදවනවාදැයි කියා නොදැන සිටීම ජීවිත ආරක්ෂාවට හොඳය..එය නොදැන සිද්දවන්නක් බවත් නොහිතා සිදු කරන්නක් බවත් කුප්‍රකට රහසකි ..එබැවින් ම ඒවා දරාගැනීමට හැකිය...ඇතැම් විට මට මා ගැනම පව් කියා සිතේ..ඒත් හැමදාම කියන්නාක් මෙන් රබර් පටියකට වුව ප්‍රත්‍යස්ථතා සංගුණකයක් පවතී...මම පණැති ගැහැණියක් මි...ඔබට දැනෙන්නේ කවර සංවේදනයක්ද එය මටද දැනෙන බව වටහා ගැනීමට කොයි තරම් බුද්ධියක් අවශ්‍යද? පව් කියා හිත හිතා කොච්චරක් නං කාලයක් පින් රැස් කර ගන්නද? මේ පොළොව මත ඔබ දැන් මා තනිකර දමා අවසන්‍ ය..රූපශ්‍රීයෙන් අනූන කුමාරවරු 1000ක් ආවත් ඒ තනිකම මකාලන්නට නොහැකිය ..

අසමජ්ජාති වැඩ නොකරන බව ඔබ මට කිව්වෙහිය..නෑ නෑ....ඒ හිත රිද්දා සතුටු නොවන බවය..ඔබ එසේ කරන්නකු බව කවුරුන් හෝ කීවාද? ඔබ නරකයකු බව මට සිතෙන්නේ නැත...මා ඔබ ලවා හිත රිද්දවා ගැනීම වෙනමම කතාවකි..ඔබ කෙසේ නම් ඊට වග කියන්නද? ඔබව දෑහැට දකින්නට මේ තරම් බැලුම් බලන්නේ ඔබ නරකයකු නොවන වග හරියට ම තේරුම් ගන්නටය..ඒ ගැන හිතේ සාංකාවක් වෙතොත් එය ගබ්සා කරගැන්මටය...ඔබේ පසු පස්සෙන් කැරකි කැරකි ඇවිදින්නට සිහින මවමි..නමුත් ජිවිතේටම අප හමු නොවෙයිදැයි සිතෙන කල්හි සිතිවිලි හුස්ම හිරකරනවා මෙනි..මගේ මනසවත් ශරීරය වත් පාලනය කරගන්නට බැරිය...මට දැනෙන්නේ මගේ ශරීරය ගිනි ගන්නවා සේය..හදිස්සියේ ම මම පරිපූර්ණ ගැහැණියක් බවට පත්ව සිටින්නෙමි..මගේ ශරීරය අනුරාගයක..,ලාලසාවක..,ප්‍රේමයක..,නොසන්සිඳුන රතියක..,රිදවා ගැනීමක..,සුඛාස්වාදයක වැනි මොකක හෝ හිරවී තිබේ...හරි වචනය කුමක්දැයි හරියටම නොහැඟේ..හැඟෙන දේ කියන්නට නොදැනේ ..

ඒත් මම කල්ප කාලයක් වුව ඒ තුළම ජීවත් වෙමි..වෙනත් සංහිඳියාවක් මට නැත..ඔබ අහසට නගින්නේ නැත්නම් මම මගේ ජීවිතයේ ඉතිරිය..,මගේ ශරීරය භුක්ති විඳීමට සදාතනිකව ඉඩ දෙමින්  ,මගේ ගැහැණු සිත තුළ තෙරපෙන සියලු මනෝ භාවයන් අවාසනාවන්ත ලෙස යටපත් කරමින් මහ පොළොව දිහා බලාගෙන ,පා ඇඟිලි පොළොවෙ ගට ගටා රිදවාගනිමින් පොළොව හාර හාරා ඉන්නෙමි...ඒ මන්දයත් මා කෙරෙහි වන පරම සංතෘප්තිය ඔබ පිළිබඳව වන සිතිවිලි වලින් සිත පුරවා ගැනීම පමණක් ම වන නිසාය..

මගේ පරම ආරම්මණය ඔබට රිදෙන තරමට තදින් ඔබ වැළඳගෙන ඇති තරම් ආදරෙයි කියන්නට ය...

නුඹේ #ආදරණීය_යක්ෂණිය...❤️❤️❤️❤️

[Copied by]
මගෙ ආදරණීය යක්ෂණී
-මංජුල වෙඩිවර්ධන-

Comments

Popular posts from this blog

නිම්නාගේ ඉතිහාසය

ෆැන්ටසි හීන