රුසියාවේ මහා පීටර් රජුගේ (1682-1725) රාජ්‍යත්වයෙන් පසුව එතෙක් ආගමෙහි දැඩි බලපෑමෙන් අඩපණව තිබූ සාහිත්‍ය ප්‍රවර්ධනය නැවත ප්‍රාණවත් ව නැගී සිටී...එම රජු විසින් සිදු කල භාෂා ප්‍රතිසංස්කරණ හරහා නව රුසියන් සාහිත්‍යක් බිහි වීමට මග පෑදිණි...පූජක පක්ෂට මගින් භාවිතා කළ සංකීර්ණ රුසියන් බස ඉවත දමා සරල රුසියන් බසක් නිර්මාණය වේ...එතෙක් මළ බසක් මෙන් තිබූ රුසියන් බස නව්‍යාකාරයෙන් හැඩ ගැසෙමින් සාහිත්‍ය නිර්මාණයන් සඳහා දායක වීම ආරම්භ විය...එතෙක් පැවති ජනකතා සාහිත්‍ය අබිබවා ගිය ලේඛන කලාවක් රුසියාව තුළ නිර්මාණය වන්නෙ ප්‍රංශ , ජර්මන් ආභාෂය මතය... නමුත් 2වන කැතරින් රැජිනගේ (1762-1796) රාජාණ්ඩු පාලනය තුළ තම අනන්‍යතාව පළ කල හැකි ආකාරයේ නිර්මාණ බිහි වීමට බොහෝ බාධක තිබුනව විප්ලවවාදී අදහස් වලින් පිරුනු ලේඛකයින් පිරිසක් විසින් රුසියන් සාහිත්‍යයේ ස්වර්ණමය අවධිය නිර්මාණය වේ... * මහා කවි ඇලෙක්සැන්ඩර් පුෂ්කින්..(1799-1837) කාව්‍ය , කෙටිකතා ,නවකතා ,නාට්‍ය ,සුරංගනා කතන්දර ආදී විවිධ ශානරයන්ගෙන් ලේඛනයේ යෙදුණු මොහුගේ නිර්මාණ ඉතා විශාල ගණනකි... * නිකොලොයි ගොගොල්..(1809-1852) විප්ලවවාදී ලේඛකයෙක...