අවසන් රාත්‍රී භෝජනය.
මෙය "ලියනාඩෝ ඩාවින්චි" ( Leonardo da Vinci ) නම් සුප්‍රකට කලාකරුවා විසින් අඳින ලද සිතුවමකි...ක්‍රි:ව: 15 වන සියවසේදි පමණ ඉතාලියේ මිලාන් නගරයේ "Santa Maria delle Grazie" නම් දේවස්ථානයේ භෝජන ශාලාවේ බිත්තිය මත මෙය සිත්තම් කර ඇත....1495 දී සිතුවම් කිරීම අරඹා 1498 දී නිම කරන ලදයි සැලකේ...අඩි 29 ක් දිග අඩි 13.5 ක් පළලින් යුතු මෙම චිත්‍රය පොළව මට්ටමේ සිට අඩි 15ක් පමණ ඉහළින් ඇඳ ඇත... * සිතුවමේ කතාව... මෙම සිතුවමෙන් නිරූපණය වන්නෙ ජේසුස් වහන්සේ තම ගෝලයන් 12 දෙනා සමග රාත්‍රී භෝජනය ගනිමින් සිටින අතර තුර, ඔවුන්ගෙන් කෙනෙකු තමන්ව නුදුරේදී පාවා දෙනු ඇතැයි යන්න ප්‍රකාශ කල මොහොතයි... ඒ අවස්ථාවේ ගෝලයින් 12 දෙනා තුළ සිදුවන වෙනස්කම් සහ ඔවුන්ගේ හැසිරීම් සිතුවමෙන් ඉතා දක්ෂ ලෙස ඉස්මතු කර ඇත....පසු කාලීනව හමුවූ ඩාවින්සිගේ අත්පිට පතකට අනුව (The Notebooks of Leonardo da Vinci) මෙහි චරිත වෙන වෙනම හදුනා ගත හැකිවිය.... Bartholomew, James , Andrew , Judas, Peter, John ,Thomas, James, Philip ,Matthew, Thaddeus , Simon එම 12 දෙනාය...මොවුන් අතරින් පාවා දෙන්නා වූ Judas ගේ රුව අන...