අවසන් රාත්‍රී භෝජනය.

 

 මෙය "ලියනාඩෝ ඩාවින්චි" ( Leonardo da Vinci ) නම් සුප්‍රකට කලාකරුවා විසින් අඳින ලද සිතුවමකි...ක්‍රි:ව: 15 වන සියවසේදි පමණ ඉතාලියේ මිලාන් නගරයේ "Santa Maria delle Grazie"  නම් දේවස්ථානයේ භෝජන ශාලාවේ බිත්තිය මත මෙය සිත්තම් කර ඇත....1495 දී  සිතුවම් කිරීම අරඹා 1498 දී නිම කරන ලදයි සැලකේ...අඩි 29 ක් දිග අඩි 13.5 ක් පළලින් යුතු මෙම චිත්‍රය පොළව මට්ටමේ සිට අඩි 15ක් පමණ ඉහළින් ඇඳ ඇත...


*සිතුවමේ කතාව...


මෙම සිතුවමෙන් නිරූපණය වන්නෙ  ජේසුස් වහන්සේ තම ගෝලයන් 12 දෙනා සමග රාත්‍රී භෝජනය ගනිමින් සිටින අතර තුර, ඔවුන්ගෙන් කෙනෙකු තමන්ව නුදුරේදී පාවා දෙනු ඇතැයි යන්න ප්‍රකාශ කල මොහොතයි... ඒ අවස්ථාවේ ගෝලයින් 12 දෙනා තුළ සිදුවන වෙනස්කම් සහ ඔවුන්ගේ හැසිරීම්   සිතුවමෙන් ඉතා දක්ෂ ලෙස ඉස්මතු කර ඇත....පසු කාලීනව හමුවූ ඩාවින්සිගේ අත්පිට පතකට අනුව (The Notebooks of Leonardo da Vinci) මෙහි චරිත වෙන වෙනම හදුනා ගත හැකිවිය....

Bartholomew, James , Andrew , Judas, Peter, John ,Thomas, James, Philip ,Matthew, Thaddeus , Simon එම 12 දෙනාය...මොවුන් අතරින් පාවා දෙන්නා වූ Judas ගේ රුව අන් අයට වඩා අදුරු වන ලෙස චිත්‍රයට නගා ඇත...තමාගේ රහසිගත සැලසුම නොසිතූ ලෙස හෙලිවීම ගැන ඔහු පුදුමයට මෙන්ම වික්ෂිප්ත භාවයට පත් වූ බවක් නිරූපණය වේ...සමහරෙක් මහත් කෝපයට , කම්පනයට සහ කනගාටුවට පත්ව ඇති බවක් පෙන්නුම් කරන අතර  එක් පුද්ගලයෙක් ක්ලාන්තවන ආකාරයක් පෙන්නුම් කරයි..


*ශිල්පීය දක්ෂතා.


සම්මත ප්‍රෙස්කෝ ක්‍රමය සමඟ ටෙම්පරා (වියළි තලය මත චිත්‍ර ඇඳීම) හා තෙල් සායම් මාධ්‍ය මිශ්‍රව යෙදීම අත්හදා බැලීමක් වශයෙන් චිත්‍රයට වර්ණ යොදා ඇත... ක්‍රි.ව.1517 වන විට එනම් චිත්‍රය නිම වීමෙන් වසර විස්සකට පමණ පසු සිතුවම විනාශ වීමේ ලකුණු පහළ වී ඇත....

චිත්‍රයේ තලයට සමාන්තරව පිහිටි මේසය මත ගොණු වූ මානව රූප දහ තුනකින් යුක්ත වේ...මෙම පිරිස තිදෙනා බැගින් කාණ්ඩ හතරකට බෙදිය හැකි අතර මධ්‍යයේ වූ ක්‍රිස්තුස් වහන්සේගේ රූපය චිත්‍රයේ කේන්ද්‍රස්ථානය හිමි කර ගනියි....මානව රූප මෙසේ කාණ්ඩ ලෙස සිතුවම් වුවද චිත්‍රයේ ඒකාබද්ධතාව රැකෙන අයුරින් එය සිදු කර ඇත...තවද චිත්‍රයේ පසුබිමට එහි ප්‍රකාශන ගුණය තීව්‍ර වන සේ ඒක ලක්ෂීය පර්යාවලෝකනය භාවිත කර තිබේ...චිත්‍රය සෑහෙන ඉඩක් ශාලාවේ ඇතුළත දර්ශනය සඳහා යොදාගෙන ඇති අතර වියන්තලය සහ  බිත්තිය ආශ්‍රිත රේඛා චිත්‍රයේ පෙර බිම සිට ඈතට විහිදී යමින් ක්‍රිස්තූස් වහන්සේගේ හිස පිටුපසින් අවසාන වන අයුරින් චිත්‍රයේ මධ්‍යට සම්බන්ධ වෙයි...මෙම රේඛාවේ හැසිරීම නිසා චිත්‍රය නරඹන්නාගේ දෘෂ්ටිය නිරායාසයෙන් ම ගමන් කරන්නේ කේන්ද්‍රස්ථානයේ සිටින ක්‍රිස්තූස් වහන්සේ වෙතටය....

ශාලාවේ එක් පැත්තක ආලෝකමත් බව ද අනෙක් පැත්තේ අඳුරු බව ද දක්වා ඇත්තේ චිත්‍රයේ තේමාව අර්ථවත් කිරීමටය...එසේම පාවා දෙන ජුදාස්ගේ හා සෙසු පිරිසගේ මුහුණු හා ඉරියව් තුළ ඇති භාව ප්‍රකාශනය ශිල්පීය දක්ෂතා මැනවින් නිරූපණය කරයි...

අද වනවිට මුල් චිත්‍රයෙන් ඉතිරිව ඇත්තේ ඉතා කුඩා කොටසකි. අනෙක් සියලු තැන් විවිධ කාලවල ප්‍රතිසංස්කරණය කරන ලදි....



Comments

Popular posts from this blog

නිම්නාගේ ඉතිහාසය

ෆැන්ටසි හීන