Posts

Showing posts from 2021

96

Image
 "ප්‍රථම ප්‍රේමය"  පාසල් ප්‍රේමයක් කියන්නෙ හුඟ දෙනෙක්ට මතක සැමරුම් ගොඩක් එක්කහු කරන මතක් කරද්දි මුණට හිනාවක් එන බොළඳ වැඩ වලින් පිරිච්චි ප්‍රේමයක්.... ආදරය කියන්නෙ මොන වගේ හැඟීමක්ද කියලා තෝරගන්නවත් බැරි වයසක ඒ සමහර හැඟීම් දැනෙද්දි කරන්නෙ මහ බොළඳ , මෝඩ වැඩ... ඒ කෙනාව තමන්ට දවසින් දවස විශේෂ වෙද්දි දාහක් ඇස් අස්සෙ උනත් ඒ ඇස් හොයද්දි , වටේ මොන දේවල් උනත් ඒ ඇස් මගනොඇර එක විනාඩියක් ඉන්න බැරිවෙද්දි.., එක දවසක් ඒ මූණ නොබලා ඉන්න බැරිකම හින්දම පැමිණීම 80% පන්නලා කප් ගහපු ආදරවන්තයෝ ඕනිතරං ඇති....එක දවසක් එයා ඉස්කෝලේ නෑවිදින් ඉන්නකොට හද්දා පාලුවක් තනිකමක් දැනෙනවා...එහෙම දවස් ගෙවෙන්නෙ පුදුම තරං හෙමීට... හුළං ගියපු බැලුම වගේ මූණත් නාලු කරං ඒ ගෙවපු  දවස්...ගෙදරින් පවා බැනුම් අහලා ඇති.... කන්න ගියත් ,නාන්න ගියත් , ටීවි බලන්න ගියත් ,නිදාගන්න ගියත් ඒ මූණම පේන කාලයක් තියෙනවා...එයාව දකිනකොට පපුව කිතිකැවිලා යන හැඟීමක් .., නිකමට හරි එයා ඇවිදගෙන තමන් ළඟට ආවොත් ඒ ළංවෙන අඩියෙන් අඩිය පපුව වේගෙන් ගැහෙන්න ගන්නවා...බැරිවෙලාවත් ලාවට වත් ඒ සුළැඟිල්ලක් ඇඟේ වැදුනොත් තිස්තුන්දාහෙ කරන්ට් එක ඇඟ හරහා ගියා වගේ...

අවසන් රාත්‍රී භෝජනය.

Image
   මෙය "ලියනාඩෝ ඩාවින්චි" ( Leonardo da Vinci ) නම් සුප්‍රකට කලාකරුවා විසින් අඳින ලද සිතුවමකි...ක්‍රි:ව: 15 වන සියවසේදි පමණ ඉතාලියේ මිලාන් නගරයේ "Santa Maria delle Grazie"  නම් දේවස්ථානයේ භෝජන ශාලාවේ බිත්තිය මත මෙය සිත්තම් කර ඇත....1495 දී  සිතුවම් කිරීම අරඹා 1498 දී නිම කරන ලදයි සැලකේ...අඩි 29 ක් දිග අඩි 13.5 ක් පළලින් යුතු මෙම චිත්‍රය පොළව මට්ටමේ සිට අඩි 15ක් පමණ ඉහළින් ඇඳ ඇත... * සිතුවමේ කතාව... මෙම සිතුවමෙන් නිරූපණය වන්නෙ  ජේසුස් වහන්සේ තම ගෝලයන් 12 දෙනා සමග රාත්‍රී භෝජනය ගනිමින් සිටින අතර තුර, ඔවුන්ගෙන් කෙනෙකු තමන්ව නුදුරේදී පාවා දෙනු ඇතැයි යන්න ප්‍රකාශ කල මොහොතයි... ඒ අවස්ථාවේ ගෝලයින් 12 දෙනා තුළ සිදුවන වෙනස්කම් සහ ඔවුන්ගේ හැසිරීම්   සිතුවමෙන් ඉතා දක්ෂ ලෙස ඉස්මතු කර ඇත....පසු කාලීනව හමුවූ ඩාවින්සිගේ අත්පිට පතකට අනුව (The Notebooks of Leonardo da Vinci) මෙහි චරිත වෙන වෙනම හදුනා ගත හැකිවිය.... Bartholomew, James , Andrew , Judas, Peter, John ,Thomas, James, Philip ,Matthew, Thaddeus , Simon එම 12 දෙනාය...මොවුන් අතරින් පාවා දෙන්නා වූ Judas ගේ රුව අන...