රුසියන් සාහිත්‍ය ..



රුසියාවේ මහා පීටර් රජුගේ (1682-1725) රාජ්‍යත්වයෙන් පසුව එතෙක් ආගමෙහි දැඩි බලපෑමෙන් අඩපණව තිබූ සාහිත්‍ය ප්‍රවර්ධනය නැවත ප්‍රාණවත් ව නැගී සිටී...එම රජු විසින් සිදු කල භාෂා  ප්‍රතිසංස්කරණ හරහා නව රුසියන් සාහිත්‍යක් බිහි වීමට මග පෑදිණි...පූජක පක්ෂට මගින් භාවිතා කළ සංකීර්ණ රුසියන් බස ඉවත දමා සරල රුසියන් බසක් නිර්මාණය වේ...එතෙක් මළ බසක් මෙන් තිබූ රුසියන් බස  නව්‍යාකාරයෙන් හැඩ ගැසෙමින් සාහිත්‍ය නිර්මාණයන් සඳහා දායක වීම ආරම්භ විය...එතෙක් පැවති ජනකතා සාහිත්‍ය අබිබවා ගිය ලේඛන කලාවක් රුසියාව තුළ නිර්මාණය වන්නෙ ප්‍රංශ , ජර්මන් ආභාෂය මතය...

නමුත් 2වන කැතරින් රැජිනගේ (1762-1796) රාජාණ්ඩු පාලනය තුළ තම අනන්‍යතාව පළ කල හැකි ආකාරයේ නිර්මාණ බිහි වීමට බොහෝ බාධක තිබුනව විප්ලවවාදී අදහස් වලින් පිරුනු ලේඛකයින් පිරිසක් විසින් රුසියන් සාහිත්‍යයේ ස්වර්ණමය අවධිය නිර්මාණය වේ...

* මහා කවි ඇලෙක්සැන්ඩර් පුෂ්කින්..(1799-1837)






කාව්‍ය , කෙටිකතා ,නවකතා ,නාට්‍ය ,සුරංගනා කතන්දර ආදී විවිධ ශානරයන්ගෙන් ලේඛනයේ යෙදුණු මොහුගේ නිර්මාණ ඉතා විශාල ගණනකි...

* නිකොලොයි ගොගොල්..(1809-1852)

විප්ලවවාදී ලේඛකයෙකි...ඔහුගේ උපහාසාත්මක කතා එකල බොහෝ ජනප්‍රසාදයට හා විචාරකයන්ගෙ අගය කිරීම් වලට ලක් විය..."හිම කබාය- The over coat (1842) අතීශයින්ම ප්‍රසිද්ධියට පත් වූ කෘතියකි...

ගොගොල්ගේ යුගය නිමා වත්ම ක්‍රමයෙන් රුසියානු සාහිත්‍ය අඳුර කරා ගමන් කළ අතර බොහෝ පොත් පත් පවා තහනමට ලක් විය...ඉන්පසුව යළි රුසියන් සාහිත්‍යට නව යුගයක් උදා වන්නෙ 2වන ඇලෙක්සැන්ඩර් රජ (1855-1881) සමයේ දීය...මේ යුගයේදී රැඩිකල් සහ විප්ලවවාදී අදහස් බොහෝමයක් රුසියාව පුරා ව්‍යාප්ත වූයේ ධනවත් වංශවත් පවුල් වලින් බිහි වූ නිර්මාණශීලි උගතුන් හරහාය...මේ යුගයේ ශ්‍රේෂ්ඨ ලේඛකයින් ලෙස..,

* ෆියදෝර් දොස්තොව්ස්කි.(1821-1881)

මොහු විශ්ව සාහිත්‍ය තුළ මනෝ චිකිත්සකයෙක් ලෙස හැඳින්වීමේ වරදක් නොවන්නෙ බොහෝ විට මොහුගේ ලේඛනයට වස්තු විෂය වූයේ මානසික රෝගීන් හා අපරාධකරුවන් වීමය...මොහුගේ "අපරාධය හා දඬුවම(1866)"  ඔහු ලියූ ශ්‍රේෂ්ඨතම කෘතිය වශයෙන් හැඳින්විය හැකිය...

* ලියෝ ටොල්ස්ටෝයි ..(1828-1910)

වංශවත් පවුලක ඉපදී අවිංහිසාව හා පීඩිත රුසියානු ජන ජීවිතය යථාර්ථවාදීව අකුරු කළ විශිෂ්ට ලේඛකයෙකි...

මොහුගේ අග්‍රගණ්‍යම කෘති 2 ලෙස " යුද්ධය හා සාමය (1869) සහ ඇනා කැරනිනා (1878) " හැඳින්විය හැකිය...

* ඉවාන් ටර්ගිනිව් (1818-1883)

මොහුගේ විචිත්‍රවත් භාෂා ශෛලිය දෙවැනි වන්නෙ ගොගොල්ට පමණක් බව කියවේ..19වන සියවසේ බිහි වූ විශිෂ්ටතම කෘතිය වන " Fathers and Sons (1862) " මොහුගේ නිර්මාණයකි...

* ඇන්ටන් චෙකොව් .(1860-1904)

වෘත්තිය වශයෙනි වෛරක්කාරයෙකු වන මොහු රුසියන් සාහිත්‍ය තුළ අනූපමේය යුග මෙහෙවරක් කළ ලේඛකයෙකි..රුසියන් නාට්‍ය කලාවේ හා කෙටිකතා කලාවේ නූතනවාදී ප්‍රගමනයන්ගේ ගෞරවය ඔහුට හිමි විය යුතුය..මොහුගේ "The lady with the Dog (1899) " ලොව විශිෂ්ටතම කෙටිකතාව ලෙසද විචාරකයන් හඳුන්වයි...

* මැක්සිම් ගෝර්කි (1868-1936)

සමාජවාදී යථාර්ථවාදය ලේබනය තුළින් ඉදිරිපත් කළ පළමු රුසියන් ලේඛකයාය...මොහුගෙන් රුසියන් සාහිත්‍යට සහ විශ්ව සාහිත්‍යට සිදුවූ සේවය කොතරම් ද යත් පස් වරක් නොබෙල් ත්‍යාගය සඳහා නිර්දේශ විය..

ගෝර්කිගේ " The Mother (1906) " කෘතිය නොකිය වූ ලේඛකයෙක් ලොව කෙසේවත් සිටිය නොහැකි තරමට එය ප්‍රසිද්ධ කෘතියකි...

තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි..

Comments

Popular posts from this blog

නිම්නාගේ ඉතිහාසය

ෆැන්ටසි හීන