කාල නදී ගලා බසී - නෝබට් අයගමගේ...
2014 රාජ්‍ය සාහිත්‍ය සම්මානිත නවකතාව
සුදු අධිරාජ්යවාදීන්ගේ රබර් වැවිල්ලෙන් ඇරඹෙන කතාව සාදිරිස් නම් කොලු ගැටයකු වටා ගෙතී අපූරැවට දිව යයි....මව් අහිමි පිය සෙනෙහසින් දුරස්වූ සාදිරිස් තම පුංචි අම්මාගෙන්ද සහනයක් නොලැබීය...මව්ගේ මරණින් පසු තම පියා හා දීඝ කෑ මව්ගේ නැඟෙනිය වූ පුංචි අම්මාට වහ වැටුණු ගමේ චණ්ඩියාවූ ගවරාගෙන්ද සාදිරිස්ට නිවනක් නොවීය...ඔහුට තිබි එකම සැනසුම වූයේ තමන්ට වඩා වසර කිහිපයකින් වැඩිමහලු මැගිලින් අක්කාගේ සෙනහස, ආදරය පමණි...දිනෙක සාදිරිස්ගේ ඉවසීමේ සීමාව අවසන් විය....ගවරාට ජීවිත කාලයටම පාඩමක් උගන්වා ගමෙන් පැන ගිය ඔහු නතර වූයේ තන්ඩලේගේ පාරැවේය..එතැන් පටන් දිවෙන සාදිරිස්ගේ අන්දරය ත්රාසය,භීතිය,කුතුහලය හා ප්‍රේමයෙන් සන්නද්ධව දිගටම ගලා යන්නේ කළු ගඟටත් වඩා වේගයෙනි...විටෙක චණ්ඩ වී ඉවුරැ පොඩි කරමින් ගලා ගිය එය තවත් වරෙක ඉවුරටත් නොදැනී ගලා බසිනා පුංචි දිය පාරක් වුණි...
පරම්පරා ගණනක් පුරා පැවත එන වෛරයක් සමඟම වස්තුවකට ඇති තණ්හාව නිසා නැතිවන මිනිස් ජීවිත වලින් අපට ගෙන එන පාඩම තණ්හාවේ ආදිනව කියාපාන කැඩපතක් පරිද්දෙන් මුළු කතාව පුරාම දිස්නේ දෙයි....
එසේම විදේශීය ආක්‍රමණත් සමඟම රටේ ඇතිවූ දේශපාලනික, ආර්ථික හා සංසකෘතික පරිණාමය කෘතියෙන් නිරූපිතය...
චිත්ත රෑප මවමින් බාහිර පරිසරය වර්ණනා කිරිම , සාදිරිස්ගෙ චරිතයේ කියවන්නා ජීවත් කරවීමටත් ඒ ඒ පුද්ගලයන්ව හොඳින් හඳුනා ගැනීමටත් නෝබට් අයගමගේ සූරීන් සමත්ව තිබුණේ ඉතාමත්ම විශිෂ්ට අයුරිනි....පරිසර වර්ණනයේදීත්, ලෙන්ගතුකම් උද්වහනය වන අයුරින් වර්ණනයේ යෙදීම අයගමගේ සතු දක්ෂතාවකි...
සාදිරිස්ගේ ප්‍රේමය කාන්තාවන් දෙදෙනෙකු කෙරේ පතල ආත්මීය බැඳීමකි...සිසිලියානාගේ ප්‍රේමය දෝතලු මලකි...ඔවුන් වියපත් වුනද ඔවුන්ගේ ප්‍රේමය කිසිදා වියපත් නොවන බව කියමින් කතාව අවසන් වේ...ඔහුගේ පතිනියගෙ ප්‍රේමයේ සංකේතය බෝ කොලයකට ය...සැලී නෝනා හා සිසිලියානා සාදිරිස්ගේ සංසාරගත පාරුවේ හබල් දෙකය...ජීවිතයේ පළමු ආකර්ෂණය, ඒ ඔස්සේ උපදින පේ‍්‍රමය තමන්ට නොගැළපෙන උස්-පහත් ඇති-නැති පරතරය මත යටපත් වීමත්.., පවුලක් පන්සලක් වී පිළිවෙලක්වීමේ සම්ප‍්‍රදායික අදහස් සමඟ විවාහයට එළඹීම , දරුමල්ලන් හැදීම තම අණසකට යටත් සම්ප‍්‍රදායික බිරිඳක්වීම සැලී නෝනාගෙ පේ‍්‍රමයේ ආරම්භය හා අන්තය නිරූපණය කරයි....
කතාව ගලායන්නේ කළු ගඟ කේන්ද්‍ර කරගෙනය....මුල සිට අගට විරාමයක් නොතබා එක හුස්මට කියවීමට තරම් පෙළඹවීමක් කතාවේ පරිච්ඡේදයක් පාසාම ගැබ් වී ඇත...

Comments
Post a Comment