ගී මිහිර-ආදර මල් වල
ආදර මල් වල පාට කියන්නද
ඒ වගෙ ලස්සන තව නෑ
ඒ වගෙ ලස්සන තව නෑ
මීදුම් පිණි පොද දෑස වසන් කළ
සමනල් සිහිනය පිපුනා
සමනල් සිහිනය පිපුනා
දේදුණු රේඛා දෑසම තවරා
තවමත් මල් සිත බලා සිටිනවා
මීදුම තවරා සුළඟට
ඈතක සගවා තුන් සිත
දෑස හොරෙන් ඈත සොයනව
අඳුර මැදින් එන්න සදලියේ
දේදුණු සායම දෑසම බොද කර
මාලති යායක හැලිලා
මාලති යායක හැලිලා
සීතල හිම කඳු යායක පියමැන
දෙව්ලිය සිහිනෙට වැඩියා
දෙව්ලිය සිහිනෙට වැඩියා
ගායනය-කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාපා ලියනගේ
කෝට් ගණනක් වියදම් කරමින් බිහිවෙන ඉලොට්‍රොනික ගායකයින් සහ රිගින් ටෝන් පසුපස හබායන බාල බොලඳ ගායකයින් තම ලාභ ඉපැයීමට මගක් ලෙස පමණක් ගීතය දකිනා අවකාශයක බිහිවු අව්‍යාජමය රැඩිකල් හඬ පෞරුෂ යුගලය - කසුන් සමග ඉන්ද්‍රචාපා "ආදර මල් වල පාට කියන්නට" ... සාම්මානීය ගේය පද රචකයකු වන වසන්ත කුමාර කොබවකයන්ගේ ප්‍රතිභාපූර්ණ ගේය පද රචනයෙන්ද හැඩ වූ මෙම ගීතයේ ස්වර රචනය නවරත්න බණ්ඩාරයන්ගෙනි....
ආදරය , ප්‍රේමය යනු කුමක්ද..? එක් තැනෙක කරුණාරත්න දිවුල්ගනේ මහතා කියනවා "ආදරය සුන්දර වරදකි" කියලා ... චන්දන ලියනාරච්චි මහත්මයා කියනවා
"ප්‍රේමය ලොව හැම තැනම ඇති
හැමදෙනටම හමුවෙලා ඇති...
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසිකෙනෙකු නැති..." කියලා .. ඇත්තටම ප්‍රේමය හමු වූවෝ , ප්‍රේමය හැඳිනගත්තෝ ඇත්තෙම නැතිද..? එය පැනයකි...ප්‍රේමය වූ කලි මලක් නම් එහි පැහැය දකින්නෝ සැබෑ ප්‍රේමවන්තයින් ය..ගීතය තුළ සැඟව සිටිනා මේ ප්‍රේමවන්තයා ආදරයේ පැහැය දැක විඳගත්තෙකි...ඔහු ඇරයුම් කරන්නෙ ඒ පාට දකින්නටය...ඔහුට අවැසි ඔහු දුටු ඒ ආදරයේ පැහැය තම සිත් ගත් ඇයට පෙන්වීමටය....
"ආදර මල් වල පාට කියන්නද
ඒ වගෙ ලස්සන තව නෑ
ඒ වගෙ ලස්සන තව නෑ
මීදුම් පිණි පොද දෑස වසන් කළ
සමනල් සිහිනය පිපුනා
සමනල් සිහිනය පිපුනා"
මීදුම් සළු එතුණු සීතල හිමිදිරියක පළමු හිරු කැල්මට මලක පෙති දිග හැරෙත්ම ඒ මලෙහි පැහැය දකින්නට බැරිය...මීදුම් පිණි පොදින් වසන් කළ මල් පැහැය දකින සමනලුන් මලට ඇදෙති....ඇය කෙරේ ඇති වූ ප්‍රේමයත් ,එහි පැහැයත් අපූර්වාකාරයෙන් විඳින ප්‍රේමවන්තයා සමනලයෙකුට උපමා කිරීමෙ වරදක් නැත...පිණි බිඳු වලින් හැඩකල මල් පෙති ඒ ඇහැරවන්නේ ඔහුගේ පෙම් සිහිනයයි....
"දේදුණු රේඛා දෑසම තවරා
තවමත් මල් සිත බලා සිටිනවා
මීදුම තවරා සුළඟට
ඈතක සගවා තුන් සිත
දෑස හොරෙන් ඈත සොයනව
අඳුර මැදින් එන්න සදලියේ.."
ඉතිං මේ ප්‍රේමවන්තයා පැමිණෙන තුරු ඇය මඟ බලා හිඳින්නීය...දේදුණු රේඛා දිලෙන්නෙ සප්ත වර්ණයෙනි...ඈ නේක වර්ණයෙන් දිලෙමින් මේ මඟ බලා නෙත් අයා හිඳින්නේ මේ ප්‍රේමයේ හිමිදිරියේ ඔහු මීදුම් සළු සුළඟක තවරා වෙනතක යවා තමා වෙනුවෙන් පැමිණේයැයි සිතාය...ළං කරගත නොහැකි දුරක හිඳිනා ඇය වෙනුවෙන් උපන් පෙම් හැඟුම් ඈත දුරක සඟවා තැබුවත් ඔහුටත් හොරෙන් ඔහුගේ සිත ඒ දුර ඈතටම පියමං කරයි...ඉතිං ඔහු ඇරයුම් කරන්නෙ රෑ අඳුරේ සිහිනයක දැවටී හෝ ඇයට එන්නටයැයි කියාය...
"දේදුණු සායම දෑසම බොද කර
මාලති යායක හැලිලා
මාලති යායක හැලිලා
සීතල හිම කඳු යායක පියමැන
දෙව්ලිය සිහිනෙක වැඩියා
දෙව්ලිය සිහිනෙක වැඩියා.."
තම හදවත දැඩිව ඇද බැඳගත් ඈ වෙනුවෙන් මැවූ සප්ත වර්ණයෙන්ම හැඩ වූ ඒ සිහිනයන් ..., ඈ ගැන උපන් පැතුමන් ඈ නැති සොවින් ඔහුගේ දෑස් බොඳකරමින් ගලා යයි...කඳුලු වැල් ලෙසින් ගලා හැලෙනා ඔහුගේ ප්‍රේමයේ පැහැය හැලෙන්නෙ ඉද්ද මල් යායකටය....මොහොතකට සිතන්න මෙ පද ගෙත්තම කොයිතරම් නං අපූරුද යන්න ඔබට හැඟේවී...තමා බෙහෙවින් ආදරය කරන පුද්ගලයා ළඟින් නොමැති විට අප තුළ ඇතිවන ශෝකි හැඟීමම මෙහි රචකයා වචන වලට ගොනු කර ඇති ආකාරය....ඈ නොමැතිව ඔහුගෙ හිත සීතලෙන් මිදී ගිය හිම කඳු යායකි.... ඒ මතින් ඇවිද තම ප්‍රේමිය සිහිනයෙන් ඔහු වෙත පැමිණෙයි...ඔහු ඈ අමතන්නෙ "දෙව්ලිය" කියාය... මෙලොව යුවතියකට ලද හැකි අසීමාන්තික සන්තුෂ්ටිය නම් තමන් ඔහුට "දෙවඟනක" වීමය.....නැතිනම් මෙපමණට ආදරයේ ඉවුරු ස්පර්ශ කරනා ආදරබර ප්‍රේමවන්තයෙකු ලැබීමය...
ඇතැම් තැනෙක මෙම ගීතය සමලිංගික ප්‍රේමයක් ගැන කියවෙන ගීයකැයි පවසා ඇත .. ඒ එකිනෙකාගෙ පරිකාල්පනික ශක්‍යතාව මත තීරණය වන්නකි...වචනාර්ථය පමණක් ගුරු කොටගෙන මෙපමණ සොඳුරු කාව්‍යමය ප්‍රේමණීය ආඛ්‍යානයකට එවන් තේමාවක් සැපයීම සැබැවින්ම අසීරුය....මොහොතකට දෑස් පියාගෙන ගීතය රස විඳින්න... ඔබට දැනේවි ඔහු හෝ ඇය ළඟ නොමැති විට ඔබට දැනෙන ප්‍රේමණීය හිස් බව.....

Comments
Post a Comment