ගුවර්නිකා සිතුවම
සිතුවම : ගුවර්නිකා
සිතුවම් ශිල්පියා : පැබ්ලෝ පිකාසෝ
349.3 cm × 776.6 cm ප්‍රමාණයේ ගුවර්නිකාව වත්මන් නිව්යෝර්ක් නුවර කලාගාරයක ප්‍රදර්ශනයට තබා ඇත
සැඟවුණු කතාව :
1936 -1939 කාල පරාසය තුළ ස්පාඤ්ඤයේ සිවිල් යුද්ධයක් සිදුවිය. එහි එක් සංධිස්ථානයක දි එරට ෆැසිස්ට් නායක Franco විසින් ස්පාඤ්ඤයේ ජයග්‍රහණය වෙනුවෙන් හිට්ලර් හා මුසෝලිනිගේ ආධාර ලබා ගන්නට විය.ඒ අනුව නාසි යානා මගින් හදිසි පහරදීම් කිහිපයක් ස්පාඤ්ඤය වැටලු අතර එහි ප්‍රබලම පහර ස්පාඤ්ඤයේ ගුවර්නිකා නගරයේ Bosque ප්‍රදේශයට එල්ල කරන ලදි.
1937 වසරේ අප්‍රේල් 26 දා යනු තවත් සඳුදා දිනයක් විය.එදින පස්වරුවේ 4.30ට පමණ නගරයේ සිටි 7000ක පමණ වැසියන්ගෙන් වැඩි පිරිසක් සිටියේ වීදිවල සැරිසරමින් සහ සාප්පු සවාරි යමින්ය.ඒ වන විට ස්පාඤ්ඤයේ සිවිල් යුද්ධය ඇරඹී වසරක් පමණ ගතවී තිබිණි.එකවරම පල්ලියෙන් සීනුව වාදනය වෙන ශබ්දය ඔවුන්ට ඇසුනි.ඉන් කියවුනේ ප්‍රදේශයට ගුවන් යානා ළඟාවන බවයි.මීට පෙරද මෙවැනි අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කෙරුණද කිසිදු ගුවන් ප්‍රහාරයක් නගරය ඉලක්ක කරගෙන එල්ල නොකෙරුණ නිසා මෙවර එම අනතුරු ඇඟවීම කිසිවෙක් එතරම් ගණන් ගත්තේ නැත..ඉන්පසුව සිදුවූ විනාශය පිළිබඳව බෝම්බ ප්‍රහාරවලින් දිවි ගලවා ගත් ලුයිස් ඉරිඔන්ඩො 2012 වසරේදී ජර්මන් සඟරාවක් වන ස්පීගල් වෙත ප්‍රකාශ කර තිබිණි.ඔහු එම ප්‍රහාරයෙන් දිවිගලවාගෙන තිබෙන්නේ වැඩිහිටියෙක් තදින්ම අවවාද කිරීම හේතුවෙන් ආරක්ෂා සහිත ස්ථානයකට ගිය නිසාය.
බෝම්බ හෙළීම මිනිත්තු 30 පමණ කාලයක් පැවතිණි.බෝම්බ ප්‍රහාරවලින් 126 දෙනෙක් පමණ මරුමුවට පත්ව තිබූ අතර නගරයේ ගොඩනැගිලි වැඩි ප්‍රමාණයක් විනාශයට පත්ව තිබිණි.නමුත් සැබෑ මරණ ප්‍රමාණය සිවිල් යුද්ධයෙන් ජයගත් ෆ්රැන්සිස්කෝ ෆ්රැන්කො විසින් හිතා මතා සඟවා ලූ බව ඉතිහාසඥයෝ කියති.ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ඇවිලී ගියේ 1936 වසරේ සිට 1939 දක්වාය.මෙහිදී රිපබ්ලිකන් පාර්ශ්විකයින් සහ ජාතිකවාදීන් අතර සටන් ඇතිවිය.නාසි ජර්මනිය ජාතිකවාදීන් පක්ෂය ගත් අතර ඔවුන්ගේ සහාය පිණිස මෙම ගුවන් ප්‍රහාරය එල්ල කරන ලද්දේ හයින්කල් වර්ගයේ බෝම්බ හෙළන යානා යොදාගෙනය.
මේ හේතුවෙන් එම නගරය මුළුමනින්ම පාහේ විනාශ වු අතර එය එකී ජනතාවට ප්‍රබල කම්පනයක් ඇති කිරීමට සමත් විය.
සිවිල් වැසියන් ඉලක්ක කර මහා පරිමාණයෙන් සිදුකල පළමු බෝම්බ හෙළීම ලෙස මෙය හැඳින්වේ.
එම කම්පනයේ අතුල් පහර පිකාසෝ ගේ කැන්වසයට ද පින්සලට ද බලපෑම් කළා විය හැක ඒ අනුව 1937 දී Bosque සිද්ධිය පාදක කොටගෙන ඔහු "Guernica" නම් සිතුවම තව කැන්වස් මුහුණතට නගන්නේය.
එහි හුදකලාවබව ,වැළපීම් ,යුක්තිය ඉල්ලා මොරදීම් ,මළවුන් වැලඳ ගැනීම් ආදි හැඟීම් මැනවින් ප්‍රකාශ කර ඇත.එම හැඟිම් ප්‍රකාශයට රූප කොටස්වල සංරචනයන් භාවිතා කිරීමත් ඒ අතර අශ්ව ,ගව,ස්ත්‍රී රූප ,විදුලි බුබුලු ආදි එකිනෙක විවිධ සුන්බුන් මාදිලියන් භාවිතයත් ලෙස චිත්‍ර සම්පිණ්ඩනය කිරීමක් දැකිය හැක. එනිසාම බැලු සෙයින් නොවැටහෙතත් යුද්දයේ බිය හා විනාශකාරී බව සංකේතමය අනුසාරයෙන් දක්වා ඇති බව පෙනේ.
මෙහි සියල්ල සියුම්ව නිරික්ෂණය කරන තැන සිතුවමේ දකුණු පස තම මියගිය බිළිඳා බදාගෙන ධාරක ස්නේහයෙන් වැලපෙන කාන්තාවකගේ රුව සිතුවම හා නරඹන සිත් සලිත කරයි.එම මානසික ස්වභාවයම අපත් මැනවින් අත්දැක ඇත්තෙමු නොවෙද? ඉඳින් යුද්ධය නම් වචනයේ අරුතින්ම බියකරුය...එහි කිසිත් සොඳුරු දිග හැරුම් නොවේ
ආකෘතිය :
මෙම චිත්රනය සඳහා ඝණිකවාදි ආකෘතිය යොදා ගැන්ම මගින් ජ්‍යාමිතිය රේඛා , කලාවට එකතු වු අපූරු අවස්ථාවක් ලෙස පෙන්වන්නට හැක.එහිදී මුලිකත්වය ලැබෙනුයේ බාහිර කාය ලකෂණයන්ට නොව අභ්‍යන්තරයටය. කෝලාජ් ක්‍රමය සිතුවම් කලාවට එක්වන මුල්ම අවස්ථාව ලෙසද "ගුවර්නිකා" හැඳින්විය හැක. ග්‍රික හෝ රෝම සම්මත ලක්ෂණ ,හැඩතලයන්ට එහා ගිය අසම්මතවාදී ලක්ෂණ සහිත කලාවන්ගේ අභාෂය දැඩිව ඇතැයි විචාරකයන් පවසන අතර මෙම සිතුවම චිත්රනය කර නිම කිරීමට පෙර දළ සටහන් රැසක් ඇඳ අත්හදා බලා ඇත.එයින් 100ක් පමණ 1994 දී පිකාසෝ පිළිබඳ රචිත කෘතියේ (Pablo Picasso 2 )ඇතුළත් කොට ඇත.
වර්ණ භාවිතය ;
තෙල් සායම් මගින් කළු සුදු වර්ණ ප්‍රභේදයන්ගෙන් පමණක් සිතුවම නිර්මාණය කිරීම විශේෂිතය. සිතුවම පුරා අඳුරු වර්ණ මාලාවන් තුළින් යුද්ධයේ අඳුරත් ඒ අඳුර මිනිසා වෙලාගෙන සිටින ආකාරයත් පෙන්වනවා විය හැක.එසේම මෙය තෙල් සායම් මෙන්ම කොලාජ් ක්‍රමය යොදාගත් මිශ්‍ර මාධ්‍ය සිත්තමකි..
වන්දනා..
(තොරතුරු : අන්තර්ජාලය ඇසුරිනි )

නියමයි...
ReplyDelete👍
ReplyDelete